රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ (06) සංවිධානය කළ විශේෂ සාකච්ඡාවකට සහභාගීවන ලෙස දන්වා තිබූ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් ගණනාවක් ඊට සම්බන්ධ නොවී මගහැරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළි කරයි.
අදාළ සාකච්ඡාවට සහභාගී වන ලෙස අමාත්‍ය කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට හා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්ට දන්වා යවා තිබුණත් කැඳවීම අනුව පැමිණ තිබුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පමණක් බව වාර්තා වේ.
නෙත් –