කීර්ති ප්‍රනාන්දු –
නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චිගේ වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඔම්බුස්ඩ්ස්මන් අංශ බාර රාජකාරි කටයුතුවලින් හා එම තනතුරින් ඉවත් කරන ලෙස පොලිස්පති ඩී.සී. වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසන්නේ පොලිසිය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගත් බවය.
එසේම නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජයසිංහආරච්චිගේ ඉදිරියේ දී අලුත් තනතුරකට පත් කරනු ඇතැයි ඔහු සඳහන් කරයි.
මෙම ස්ථාන මාරුවත් සමග බිම්ෂානි ජයසිංහආරචචිගේ යටතේ එම ඒකකයට අනුයුක්තව සේවය කළ නිලධාරීන්හට වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස වාර්තා කරන ලෙස දැනුම් දී ඇතැයි ද පැවසේ