බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

ලංකාවේ කිතුණු ඉතිහාසය හැඩ කළ කොටහේන  දෙවු මැදුරේ  නොදත් කතාව

by editor
ජූනි 14, 2020
in සංස්කෘතිය
Share on FacebookShare on Twitter

ආචාර්ය  කුසුම්සිරි  කොඩිතුවක්කු –

කොළඹ  නගරයේ  ඇති  විශාලතම  හා  පැරණිතම  දේවස්ථාන  අතරින්  කොටහේන  ශාන්ත  ලුසියා  ආසන  දෙව්මැඳුර  (  ST. LUCIA’S  CATHEDRAL  )  හිමිකර  ගනුයේ  අද්විතීය  ස්ථානයකි. ශාන්ත  බෙනඩික්  විද්‍යාලය  අසළ  මඳ  උස්බිමක  පිහිටි  මෙම  දෙව්මැදුර  හාත්පස  පරිසරය  අභිබවා  නැඟී  සිටිනුයේ  බ්‍රිතාන්‍ය  යුගයේ  වාස්තු  විද්‍යාත්මක  ලක්‍ෂණ  මනාව  විදහා  දක්විමිනි.

දැනට  සුවිසල්  ගොඩනැඟිල්ලක්  ලෙස  දිස්  වූවද  මෙම  දෙව්මැඳුරේ  මූලාරම්භය  සිදුවී  ඇත්තේ  පොල්  අතු  සෙවිලි  කළ  කුඩා  පැළක්  ලෙසිනි .  1760  දී  එම  ආරම්භක  දෙව්මැඳුර  (St. Lucia’s chaple  ) ඉදිකොට  ඇත්තේ  ඔරතෝරියානු  මිෂනාරිවරුන්   ( Orathorian  Missionarrie ) විසිනි .  කෝස්මෝ  ඇන්ටෝනියෝ  ( Cosmo  Antonio ) මිගෙල්  ඩි  අල්බකෙක්  (Miguel  de  alburquerque)  මුල්  කාලීනව  මෙම  මැඳුරේ  දේව  මෙහෙයන්  පැවැත්වූ  ඔරතෝරියානු  පූජකවරුන්  ලෙස  සඳහන්  වේ .

එහෙත්  ලන්දේසීන්  බලපෑම්  හේතුකොටගෙන  නොබෝ  කාලෙකින්  ම  මෙම  ස්ථානයේ  සිටි  ඔරතෝරියානු  මිෂනාරිවරුන්ට  පෙරලා  ගෝවට  යෑමට  සිදුවිය.  ඉන්  වසර  කිහිපයකට  පසුව,  එනම්  1782  දී  නිකලස්  රොඩ්‍රිගස්   ( Nicholas  Rodrigue ) නම්  පියතුමෙක්  විසින්  මෙම  ස්ථානයේ  තිබූ  කුඩා  දෙව්  මැඳුර  වෙනුවට  ඊට  වඩා  ප්‍රමාණයෙන්  විශාල  ස්ථිර  ගොඩනැගිල්ලක්  ඉදිකරන  ලදී .

ඉන්  අනතුරුව  1820  දී  බ්‍රිතාන්‍ය  පාලකයන්  විසින්  එම  දෙව්  මැඳුර  පිළිසකර  කොට  තිබේ.  ඒත්  සමඟ  ම  මෙය  ඔරතෝරියානු  මිෂනාරිවරුන්ගේ  මූලස්ථානය  බවට  ද  පත්  විය .  1834  දී  ශ්‍රී  ලංකාව  ගෝවේ  අගරදගුරුතුමන්ගේ  නායකත්වයෙන්  මිදී  පළමු  අපෝස්තලිත  නාහිමි  (Vicar  –  apostolic ) ලෙස වින්සන්ට්  රොසයිරෝ  ( Vincente  Rozoiro  Dias ) පියතුමා  පත්  කර  ගැනීමත්  සමඟ ම  ශාන්ත  ලුසියා  දෙව්මැඳුර  ශ්‍රී  ලංකාවේ  පළමුවන  ආසන  දෙව්මැඳුර  බවට  පරිවර්තනය  විය .

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

කෙසේ  වෙතත්  දැනට  දක්නට  ලැබෙන්නේ  එම  පැරණි  දෙව්මැඳුර  නොව  1887  දෙසැම්බර්  13  වෙනි  දින  ක්‍රිස්ටෝපර්  බොන්ජින්  ඕ . එම් . අයි ( Christopher  Bonjean  O . M . I  )කොළඹ  පළවෙනි  අගරදගුරුතුමන්  විසිනි .  දැනට  මෙම  දෙව්මැඳුරේ  ජුබිලි  මංගල්‍යයන්  පවත්වනුයේ  ද  යථෝක්ත  1887  වර්ෂය  පදනම්  කොටගෙන ය .

1887 දී  ඉදිකරන  ලද  වත්මන්  දෙව්මැඳුර  ගොඩනැඟිල්ල  හිලේරියන්  සිලානි  බිෂොප්තුමා  (Bishop  Hilarion  Sillani  O . S . B ) හා  ස්ටැනිස්ලෝස්  ටැබරානි  පියතුමා  ( Fr .  Stanislaus  Tabbarrani  O . S .  Jerome )  විසින්  සැලසුම්  කොට  ඇති  අතර  ඉංජිනේරුමය  උපදේශකයන්  ලෙස  එම් .  එෆ් . ටොමලින්  ( H . F . Tomalin ) ජේ . සී  ගැමන්ස්  ( J . C  Gammons ) හා  වෝකර්  පුත්‍රයෝ  ( Walker  sons ) යන  සමාගම්  කටයුතු  කර  තිබේ .

කුරුසයක  බිම්  සැලැස්ම  අනුව  ඉදිකර  ඇති  මෙම  දෙව්මැඳුර  සියලු  අංගයන්ගෙන්  පරිපූර්ණය.  දිගින්  මීටර්  76 ක්  වන  මෙහි  පූජාසන  මණ්ඩපය  (Chancel ) හරහා  මීටර්  29 ක  පළලකින්  යුක්ත  වන  අතර  එම  ශාලාව  පමණක්  මීටර්  15 ක්  පළලැති  ය .

මෙහි  “ පූජාසන  මණ්ඩපය  ”  යටින්  ( පොළොව  යට )  මීටර් 12 × 12  ප්‍රමාණයේ  තවත්  විශේෂ  කුටියකි .  බොහෝ  දෙනෙකුට  දැකබලා  ගැනීමට  නොලැබෙන  මෙම  කුටිය  මධ්‍යයේ  ආරුක්කු  හයකින්  මැදි  කොටගත්  ද්විත්ව  කුළුණු  ( එකට  සම්බන්ධ  කර  ඇති  කුළුණු  යුගල )  පෙළක .  මෙහි  පියස්ස  වටකුරු  ලෙස  ( Curved  Roof ) නිමවා  තිබේ .

දෙව්මැඳුරේ  අල්තාරය  පිටුපස  ශාන්ත  ලුසියා  ප්‍රතිමාවකි .  ඒ  දෙපස  පිහිටි  කුටි  ( Chapel) දෙකක  මරියතුමියගේ  හා  ක්‍රිස්තුන්  වහන්සේගේ  ප්‍රතිමා  දැකිය  හැකිය .  අල්තාරයට  වම්  පසින්  පිහිටි  කොටසෙහි  :  ( South trancept ) තවත්  ප්‍රතිමා  කිහිපයකි .  පූජාසන  මණ්ඩපය  සිව්කොණ  ( Stiff – leaf ) සාම්ප්‍රදායක  යුරෝපීය  ලියකම්  රටාව  සහිත  ශීර්ෂවලින්  යුතු  ද්විත්ව  කුළුණු  ශීර්ෂ  ආරුක්කු  රටාවක්  මවමින්  එකිනෙකට  සම්බන්ධ  වේ .  ආසන  සහිත  ශාලාව  ( Nave )  දෙපස  ද  මෙවැනි  ආරුක්කු  පෙළකි .  ඒ  සෑම  ආරුක්කුවක්  තුළ  ම  විවිධ  සාන්තුවරයන්ගේ  ප්‍රතිමා  තැන්පත්  කර  තිබෙනු  දැකිය  හැකිය .

අලංකාර  ලෙස  ඈතට  දිස්වෙන  මෙම  දෙව්මැඳුරේ  ප්‍රධාන  ඩෝමය  ( Main  cupol )  පිහිටියේ  පූජාසන  මණ්ඩපය මුදුනේ  ය .  එම  ඩෝමය  මත  මීටර්  4  ක්  පමණ  උසැති  සිලින්ඩාකාර  මුදුන්  කොටසයි ( Lantern ).  එය  1937  දී  නිර්මාණය  කරන  ලද්දකි .  පොළොව  මට්ටමේ  සිට  මෙම  ලැන්ටනය  මුදුනට  උස  මීටර්  50  ක්  වන  අතර  මෙම  දෙව්මැඳුරේ  උපරිම  උස  ද  එය  වෙයි .

එම  ප්‍රධාන  ඩෝමය  සිව්කොණ  තවත්  කුඩා  ඩෝම ( Secondery  cupol )   04 කි .  එසේ  ම  ආසන  සහිත  ශාලාව  දෙපස  පිහිටි  ප්‍රතිමා  සහිත  කොටස්  ( Aisles ) මුදුනේ  ද  එක්  පැත්තකට  පහ  බැගින්  වූ  තවත්  ඩෝම  දහයකි . ඒ  අනුව  මෙම  දෙව්මැඳුර  මුදුනේ  ඇති  මුළු  ඩෝම  සංඛ්‍යාව  15  කි . මෙම  සෑම  ඩෝමයක  ම  මතුපිට  රිදී  පැහැති  සායම්  ආලේප  කොට  තිබීමෙන්  ඈත  සිට  නරඹන්නකුට  විසිතුරු  දසුනක්  මවාපායි .  මේ  අතර  මෙහි  මධ්‍ය  ශාලාවේ  පියස්ස  වටකුරු  ලෙස  නිර්මාණය  කර  තිබේ .

බ්‍රිතාන්‍ය  වාස්තු  විද්‍යාත්මක  ක්‍රම  අනුව  මෙම  දෙව්මැඳුරේ  ඉදිරිපස  විශාල  කුළුණුවලින්  හා  ආරුක්කු  දොරටුවලින්  අලංකාරවත්  කර  ඇති  අතර  ඉදිරි  බිත්ති  මුදුනේ  ශාන්ත  ලුසියා  ප්‍රතිමාව  මැදි  කොට  ගත්  තවත්  ප්‍රතිමා  හයකි .  ඉදිරි  දොරටුවලින්  ඇතුළුවනවාත්  සමඟ  ම  ඇති  කොටස  දෙපස  දෙව්මැඳුරේ  මුදුනට  හා  ඕගන්  ගැලරියට  පිවිසෙන  ලීයෙන්  කළ  හිණිපෙළවල්  දෙකකි .

මෙහි  ඕගන්  ගැලරිය  මීටර්  13 × 5  ප්‍රමාණවන  අතර  එය  විශාල  ප්‍රමාණයේ  දැව  යොදා  නිර්මාණය  කර  තිබේ .  මෙහි  දැව  තට්ටුවට  ටොන්  60 ක  බරක්  දැරිය  හැකි  බව  ද  පැවසේ.  මෙම  ඕගන්  ගැලරියට  පිවිසෙන  අතරමඟ  දෙව්මැඳුරේ  ඇති  විශාලතම  ඝණ්ඨාරය  දැකිය  හැකිය .  රාත්තල්  4300 ක්  බරැති  බව  සඳහන්  මෙම  ඝණ්ඨාරය  ඇන්ටනී  තෝමස්  ( Antony Thomos ) ලෙසින්  නම්  කොට  තිබේ .  මීටරයක  පමණ  විශ්කම්භයකින්  යුතු  මෙම  ඝණ්ඨාරය  ශ්‍රී  ලංකාවේ  විශාලතම  ඝණ්ඨාර  අතරින්  එකක්  ලෙස  සඳහන්  කළහොත්  නිවැරදි  ය .

මේ  හැරුණු  විට  තවත්  ඝණ්ඨාර  තුනක්  ද  මෙම  දෙව්මැඳුරෙහි  දැකිය  හැකිය .  ඒවා              “ කොන්ස්ටන්ට්  හෙන්රි  ලුසියා  එමිලින්  ”  ( Constant  Henry  Lucia  Emilia )    “  ෆ්‍රැන්සිස්  තෙරේසා”  ( Fransis  Theresa ) හා  “ ජීන්  බැප්ටිස්ට්  එඩ්වඩ්  ඇනා  ( Jean  Baptist Edward  Anna )  යනුවෙන්  නම්  කොට  ඇති  අතර  ඒවායේ  බර  පිළිවෙලින්  රාත්තල්  2000 , රාත්තල්  1400 , රාත්තල්  950 ක්  බව  සඳහන්  වේ .  මෙම  ඝණ්ඨාර  සියල්ල  ම  නිෂ්පාදනය  කර  ඇත්තේ  ප්‍රංශයේ  (  Georges  &  Francisqe  Paccard  )  නම්  කර්මාන්ත  ශාලාවේ  දී  ය .

ශාන්ත  ලුසියා  ආසන  දෙව්මැඳුර  හා  සම්බන්ධව  1865  දී  ආරම්භ  කරන  ලද  ශාන්ත  බෙනඩික්  ආයතනය  ( වර්තමාන  ශාන්ත  බෙනඩික්  විද්‍යාලය  )  හා  1869  දී  ආරම්භ  කරන  ලද  යහපත්  එඬේරාගේ  කන්‍යාරාමය  අද  කොළඹ  නගරයේ  ඇති  ප්‍රමුඛ  පෙළේ  කිතුණු  පාසල්  දෙකක්  ද  වෙයි .

කොළඹ  පමණක්  නොව  ශ්‍රී  ලංකාවාසී  කතෝලික  බැතිමතුන්ගේ  මුදුන්මල්කඩ  වන්  කොටහේන  ශාන්ත  ලුසියා  ආසන  දෙව්මැඳුර  අද  කොළඹ  නගරයෙහි  ඇති  පුරාවිද්‍යාත්මක  ස්මාරක  අතුරින් ද  එකකි .

මෙම  ලිපිය  මෙම  ලේඛකයා  විසින්  1991 – 02 – 15  වෙනි  දින  පුරාවිද්‍යා  දෙපාර්තුමේන්තුව  වෙනුවෙන්  මෙම  දෙව්මැඳුර  පරීක්‍ෂා  කොට  සපයන  ලද  වාර්තාව  ඇසුරින්  සකස්  කරන  ලදී.  ඓතිහාසික  තොරතුරු  සඳහා  ප්ලැසිඩස්  එම් .  ප්‍රනාන්දුගේ  A  Light  Set  On  a  hill  නම්  ග්‍රන්ථය  ද  ඇසුරු  කොට  ගන්නා  ලදී .

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags: විශේෂ
Share169Tweet43
Previous Post

රෝහල් කොල්ලය වැලකූ බුද්ධි නිලධාරියා හැප්පුවේ බීමත් නීති ශිෂ්‍යයෙක්…

Next Post

SLBCය මහින්ද රාජපක්ෂ ප්‍රවර්ධනය කරන බවට කැෆේ මැකොට පැමිණිලි කරයි

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.