ඉදිරි මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු වන හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද දිනයේත් වැඩසටහන් විසුරුවා හැරීම රාජ්‍ය දේපොළ අවභාවිත කිරීමක් බවත් ඒ පිළිබඳ කඩිනම් පියවර ගන්නා ලෙසත් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය (කැෆේ ) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.
අද පෙරවරු 9ට ඒ වෙනුවෙන් සැකසූ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය ඔස්සේ එම වැඩසටහන විසුරුවා හැර තිබේ.
මෙම වැඩසටහන ප්‍රචාරය කිරීම ඔස්සේ මැතිවරණ අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම මෙමගින් සිදු කෙරෙන බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.