සමන්තිකා වීරවර්ධන
විදේශයන් හි සිට මෙරටට පැමිණෙ පිරිස දින 14ක් නිරෝධායනය වීම අනිවාර්යය යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළ බව කොවිඩ් මර්දන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
නිරෝධායන නීතිය ලිහිල්කරමින් විදේශයන් හි සිට පැමිණෙන පුද්ගලයින් දින 7ක කාලයක් සඳහා නිරෝධායන විය යුතු බව කලින් සඳහන් කළද මේ වන විට පැතිර යන නව කොවිඩ් වසංගතයත් සමග එම කාලය දින 14ක් දක්වා වැඩිකිරීමට තීරණය වී ඇතැයි ඔහු පැවසීය.
තවද දැනට පැතිර යන නව කොවිඩ් ප්‍රෙභ්දයේ රෝග ලක්ෂණ මතු වීම සඳහා දින 14ක කාලයක් ගත වෙන බැවින් නිරෝධායනය සදහා දින 14ක කාලයක් වෙන්කිරිම අනිවාර්යය වන බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතය වී ඇතැයද ජෙනරාල්වරයා කීය.
කෙසේ නමුත් විදේශයන් හි සිට මෙරටට ගෙන්වන පිරිස සීමා කිරීමක් හෝ නතර කිරීමක් කරන ලෙසට බොහෝ පිරිස් මේ වන විටත් කියා සිටින නමුත් රටතුළ පවතින සෞඛ්‍ය නීතීරීති වලට අනුගතව ලාංකිකයන් ගෙන්වීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.







