සමන්තිකා වීරවර්ධන –
පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් කෙරෙන තීරණාත්මක සාකච්ඡාව අද (23) පැවැත්වීමට නියමිත බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව පාසල් තවදුරටත් විවෘතව පවතින්නේද යන්න පිලිබඳව තීරණයක් ගනු ඇති බව බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය සඳහන් කළාය
කෙසේ නමුත් පැසල් තවදුරටත් විවෘතව පවතින්නේ නම් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිකුත් කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අකුරටම පිලිපදින්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි.
ඇතැම් පාසල් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත්කර තිබෙන නිර්නායකයන් නිසි ලෙස පිළිනොපදින බවට තොරතුරු ලැබී ඇති බව ඇය සඳහන් කළාය
කණ්ඩායම් වශයෙන් දරුවන් පාසලට ගෙන්වුවද අවශ්‍ය තරම් ගුරුවරුන් පාසල වෙත නොපැමිණි අවස්ථාවන්වලදී පන්ති කීපයකම දරුවන් එකම පන්තියක දමා ඉගැන්වීමට කටයුතු කරන බවට තොරුතුරු ලැබී ඇතැයිද ඇය සඳහන් කරයි.
කොවිඩ් රෝගය වේගයෙන් පැතිර යන මෙවන් අවස්ථාවන් වලදී දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමේ බරපතල ගැටලුක් මතු වෙන බවද ඇය පෙන්වාදේ.







