උසස් පෙළ විභාග ප්‍රතිඵල මෙම මස අවසානයේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසයි.
ඔහු වැඩිදුරටත් මාධ්‍යයට පවසා තිබුණේ මේ වනවිට ඉසෙඩ් ලකුණු සකස් කිරීමේ කටයුතු කෙරෙමින් පවතින බවය.
ප්‍රතිඵල නිකුත් කළ වහාම විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැඳුම්පත් කැඳවා මාස තුනක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රවේශ අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේය.
සරසවි පද්ධතියට අලුතෙන්ම එක් වූ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කෙරෙන දන්ත වෛද්‍ය විද්‍යාපීඨයටද මෙවර සිසුන් ඇතුළත් කර ගැනේ. මීට අමතරව නව උපාධි පාඨමාලා කිහිපයක් මෙවර හඳුන්වා දීමට ද කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
-අරුණ –







