“ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ ප්‍රතිඵල කඩිනම් කිරීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බලකායක් පත්කර තිබේ.
15 දෙනෙකුගෙන් යුත් රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මෙහි සෙසු සාමාජිකයන් ලෙස නම් කර තිබේ.
‘ගම සමග පිළිසඳර’ වැඩසටහනෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම, ජනතා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මෙහෙයවීම, පසු විපරම උදෙසා මෙම කාර්ය සාධක බලකාය පත්කර ඇත.







