පස් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් හාරලක්ෂ විසිපන්දහසක අල්ලසක් ලබාගත් නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.
නිකවැරටිය පුත්තලම මාර්ගයේ හෝටලයක එම අල්ලස ලබාදීමට කටයුතු කරද්දී කොමිසමේ නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අදාල පස් ව්‍යාපාරිකයාට එම ප්‍රදේශයේ පස් කන්දක් කැපීමට අවසර ලබාදීමේ අල්ලසක් ලෙස එක පස් ටිපරයකට රුපියල් දහස බැගින් ඉල්ලා ඇත.
අදාළ ව්‍යාපාරිකයා එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ 1954 ක්ෂණික දුරකථන අංකයට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.