බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

අයාලේ යන එන්නත්කරණයේ නිරුවත ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කතා කරති.

by editor
මාර්තු 2, 2021
in සමාජ, සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

සංවාද සටහන – නතාෂා නෙත්මිණි –

  • එන්නත දෙන වයස් සීමා වෙනස් කරන්න සෞඛ්‍ය අංශයේ කිසිම විද්වත් කමිටුවක් නිර්දේශ කළේ නෑ…

  • එන්නත ගහන්න උනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව නෙමෙයි… දේශපාලකයන්ගේ කොන්දේසි රකින්න…

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 රෝගයෙන් මිදීමට මේ වන විට ලොව පුරා එන්නත්කරණ වැඩ පිළිවෙළකය.   අපේ රට තුළත් එන්නත් එන්නත්කරණ වැඩ පිළිවෙළ  පසුගියදා ආරම්භ විය. එහෙත් ලෝකයේ හොඳම විධිමත් එන්නත්කරණ වැඩපිළිවෙළක් සහිතව ලෝක වසංගත ජය ගැනීමේ අභිමානනීය අත්දැකීම් සහිත අප මෙවර ගැටලු රැසකට මැදි වී සිටින බව පෙනේ.  එම එන්නත්කරණ වැඩපිළවෙළටත් දේශපාලනය රිංගා ඇති ආකාරය ගැන කියැවෙන්නේය . මෙම වැඩසටහන බිම් මට්ටමේ දී ප්‍රායෝගිකව සංවිධානය වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීම් මතය.  එහිදී ඔවුන් අත්විඳින යථාර්ථය පිලිබඳ ලංකාසර සමග මෙසේ සංවාදයට එක්වන්නේ  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණය.

ප්‍රශ්නය –  මුල්වටයේදී සාර්ථකව ක්‍රියාත්මක වූ එන්නත්කරන වැඩ සටහන දැන් දැන් අයාලේ යන තැනකට පත්වී තිබෙන බවට ඇතැම්  සෞඛ්‍ය අංශවලින්ම චෝදනාවන් එල්ලවෙනවා. මේ චෝදනාවන්ට ඔබ ඇතුළු ඔබ‌ගේ සංගමයත් වග කිව යුතුයි නේද?

පිළිතුර –  ඇයි අප වග කියන්නේ?.  එන්නත්කරණ වැඩසටහන ආරම්භක අවස්ථාවේදී  සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියාත්මක වුණා.    අපි ඉතා සාර්ථකව වැඩ සටහන කරගෙන ගියා. ඇත්ත. දැන්     දැන් මේ වැඩසටහන     අයාලේ යන තත්ත්වයකට පත්වෙලා තියෙනවා.  ඒ අයා‌ලේ යාම සම්බන්ධයෙන් අපසංගමය කිසිවිටෙකත් වගකිව යුතු නැහැ‍.

ප්‍රශ්නය – එන්නත්කරන වැඩ පිළිවෙළ සෞඛ්‍ය උපදෙස්වලට අනුව ක්‍රියාත්මක වුණා නම් ඇයි හිටිහැටියේ අයාලේ යන්න පටන් ගත්තේ?

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිතුර – අපිටත් ඒක ගැටලුවක්‍ . එන්නත්කරණ වැඩ සටහනට කලින් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයට යවලා තිබුණා කිසියම් සැලැස්මක්. ඒ සැලැස්ම් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිඅරගෙන තිබුණා. ඒ සැලැස්මට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට මුලින්ම එන්නත් ලබා දෙන්න සැලසුම් උනා.  ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණය වුනෙත් එයයි.  එන්නත මුලින්ම  අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබා දීමයි. අපිත් පිළිගත්තු, පිළි අරන් ලෝකයට සහතික කරපු,  ලෝකයේම පිළිගත් සැලැස්මක් අපේ රටේ හිටිහැටියේම වෙනස් වුණා

ප්‍රශ්නය –  වෙනස්  වුණා කියලා ඔබඅදහස් කළේ කුමක්ද?

පිළිතුර –  සෞඛ්‍ය අමාත්‍යංශය  ලක්ෂ 5ක එන්නත් තොගයක් ඉන්දියාවෙන් ගෙන්වා ගත්තා. ඒ තොගය අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබා දෙන්න සැලසුම් කරලා තියෙද්දි හිටිහැටියේම වයස් සීමාව අවුරුදු 30ට වැඩි ලෙස වෙනස් වුණා

ප්‍රශ්නය – සෞඛ්‍ය අමාත්‍යංශයේ ගත් තීන්දු තීරණ හිටිහැටියේ වෙනස් වෙන්නේ කොහොමද? ඒවා වෙනස් කරන්න බලය තියෙන්නේ කාටද?

පිළිතුර –  සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙවැනි තාක්ෂණික තීරණ හිටිහැටියේ වෙනස් කරන්න පුළුවන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ  නැතිනම් වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානීන්ට

ප්‍රශ්නය – ඔබ කියන්නේ ඒ අය එන්නත්කරණ වැඩ පිළිවෙළ අවුල් කළා කියලද?

පිළිතුර –  මේක අපිටත් ගැටලුවක්. හැබැයි අපිට නිවැරදිවම කියන්න පුළුවන් මේ තීරණයන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන්  හෝ වසංගත රෝග විද්‍යා අංශයෙන් ගත් තීරණයන් නොවෙයි කියලා.

ප්‍රශ්නය – එහෙම තීන්දුවක් ගන්න පුලුවන් ආයතන දෙක එවැනි තීන්දුවක් ගත්තෙ නෑ කියකලා කියන ඔබ එහෙත් තීන්දුව වෙනස් වුණු වග කියනවා.  මෙම වෙනස් කිරීම කාගෙ තීරණයක්  කියලද ඔබ විශ්වාස කරන්නේ?

පිළිතුර –  අපිට යම් විශ්වාසයක්  තියෙනවා මේ තීරණයක් පිටුපස දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙනවා කියලා.

ප්‍රශ්නය – දේශපාලන හස්තය මොකක්ද කියලා පැහැදිලිව කියන්න පුළුවන්ද?

පිළිතුර – මේ සඳහා අපිට හොඳම උදාහරණය කොළඹ මහනගර සභා බලප්‍රදේශ තුළ ක්‍රියාත්මක වුණා. එම ප්‍රදේශයේ ඇතැම් දේශපාලඥයින් තමන්ගේ ආසනයේ ඡන්ද දායකයින්ට මුලින්ම එන්නත ලබා දෙන්න කියලා නොයෙකුත් බලපෑම්  කළා.

ප්‍රශ්නය –  ඒ සඳහා දේශපාලනඥයින්ට තියෙන සුදුසුකම කුමක්ද?

පිළිතුර –  අපිටත් තියෙන ගැටලුව ඒක තමයි. එන්නතක් මුලින්ම ලබා දිය යුත්තේ කාටද කියලා තීරණය කරන්න ඕනෑ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්…  එහෙමත් නැතිනම් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන්. නමුත් අද තීරණ ගන්නේ ඒ කොට්ඨාස  දෙකම නෙවෙයි.

ප්‍රශ්නය –  ඔබ  මුලින් කථා කළා අවුරුදු 60 සීමාවක් ගැන. නමුත් පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා නේද වයස අවුරුදු 30ට වැඩි  අවදානම් ග්‍රාමසේවා නිලධාරී කොට්ඨාසවල සිටින  පුද්ගලයින්ට එන්නත ලබා දෙන්න කියලා. හිටිහැටියේ මේ චක්‍රලේඛන වෙනස් වෙන්නේ කොහොමද?

පිළිතුර –  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ චක්‍රලේඛය නිකුත් කළේ කිසියම් දේශපාලන බලපෑමක් හේතුවෙන්. මේක සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ගත් තීරණයක් නෙවෙයි. කිසියම් දේශපාලන බලපෑමක් මත ගත් තීරණයක් එය. ඒ සම්බන්ධයෙන් අපේ බරපතල සැකයක් තියෙනවා. එන්නත ලබාදිය යුතු වයස් කාණ්ඩයන් තීරණය කරන්නේ වසංගත රෝග විද්‍යා අංශය මගින්. නමුත් ඒ අය මේ තීන්දු තීරණයන් ගැන දැනුවත් නැහැ.

ප්‍රශ්නය –  කොවැක්ස් ව්‍යාපෘතිය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සියයට 20ක එන්නත් ප්‍රමාණයක් අප රටට ලැබීමට නියමිතව තිබෙනවා. මේ වැඩ පිළිවෙළටත් දේශපාලඥයින් මැදිහත්‌වෙයිද? එහෙම වුණොත් ඔබගේසංගමය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

පිළිතුර –  ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ එන්නත් ප්‍රමාණය ලබා දෙන්නේ රටේ වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් සඳහායි. ඒ එන්නත් ප්‍රමාණය නියමිත වයස් කාණ්ඩයන් ලබා දෙන්න අපි සැදී පැහැදී සිටිනවා. යම් හේතුවකින් මෙයටත් දේශපාන බලපෑමක් ආවොත් අපි සම්පූර්ණයෙන්ම එන්නත්කරන වැඩ සටහනින් ඉවත් වෙනවා.

අනික අපිට ලැබෙන එන්නත් ප්‍රමාණය ඉතාමත් සීමිතයි. ඒ සීමිත එන්නත් පලදායී ආකාරයට ජනතාවට   දෙන්න අපි සෑම උත්සාහයක්ම ගන්නවා. ඒත් එක්කම යම් වෙනස්වීමක් එන්නත්කරණ වැඩසටහනේ සිදුවුණොත් එය කළ යුත්තේ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හෝ වසංගත විද්‍යා අංශයේ නිලධාරීන් මගින්. ඒකත් තාක්ෂණික නිර්දේශ මත විය යුත්තක්. එහෙම නැතිව දේශපාලන අධිකාරියේ මැදිහත් වීම මත නොවිය යුතුයි කියලා අපි අවධාරණයෙන්ම කියනවා.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සචිත්‍ර සේනානායකගේ අපේක්ෂිත ඇප ප්‍රතික්ෂේපයි- හෙට පොලිසි එයි !

Next Post

නිකවැරටියේ ශ්‍රීලනිප මන්ත්‍රී පස් අල්ලසක් ගද්දී අත්අඩංගුවට

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.