සේවකයින් 1050ක් සේවය කරන මාස් සමූහයට අයත් වේයන්ගොඩ නයිවල ලීනියා ඇක්වා ඇඟලුම් කම්හල අද (5) තාවකාලිකව වසා දැම්මේය.
කොවිඩ් ආසාදිත සේවක සේවිකාවන් 28 දෙනෙක් හමුවීමත් සමග සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ආයතනය තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරනි.
මේ වනවිට එම 28 දෙනා ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 145 දෙනෙක් නිරෝධායනය කළ බවත්, තවත් 540 දෙනෙක් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කළ බවත් සෞඛ්‍ය අංශ වාර්තා කළේය.
සෞඛ්‍ය අංශවල දැනුවත් කිරීම් ප්‍රකාරව සැක සහිත සේවක සේවිකාවන්ගේ අහඹු පී.සී.ආර් පරීක්ෂණ හා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ කළ අවස්ථාවක දී එක් සේවිකාවක් කොවිඩ් ආසාදිත බව හමු වී තිබිණි. ඉන් අනතුරුව කරන ලද ක්රමානුකූල පරීක්ෂණවල දී මෙම ආසාදිත සේවක පිරිස වර්තා විය.
ආයතනය මේ විෂබීජ හරණයට කිරීමට නියමිත බව වාර්තා විය.







