මහනුවර නගර සභාව විසින් පසුගියදා වැඩි කරන ලද වරිපනම් ගාස්තු යළි පෙර තිබූ අගයන්ටම අඩු කිරීමට තීරණය කර තිබේ. නගර වැසියන්ගේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ බලවත් විරෝධය පිළිබඳව මෙන්ම ජනාධිපති කාර්යාලය විසින් දෙන ලද උපදෙස්වලට අනුව මෙසේ බදු අඩු කිරීමට පියවර ගෙන ඇති ව වාර්තා වේ.
පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ජනතාව ආර්ථික අසීරුතා මැද සිටින අතරේ වාර්ෂික ව අය කෙරෙන වරිපණම් ගාස්තු සියයට 25කින් වැඩි කිරීමට මහනුවර නගර සභාව විසින් ගන්නා ලද තීරණය ට දැඩි විරෝධයක් එල්ල විය.