දිනසේන රතුගමගේ –
ජාතික නිදහස් දිනය සැමරෙන පෙබරවාරි 4 වෙනිදා වවුනියාව අධිකරණ බල ප්රදේශය තුළ කිසිදු විරෝධතාවයක් පැවැත්වීමට අවසර නොමැති බවට වවුනියාව මහේස්ත්රාත් අධිකරණය විසින් 2 දා වාරණ නියෝගයක් පනවා තිබේ.
දෙමළ ජාතික සන්ධානය හා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගමය විසින් වවුනියාවේදී විරෝධතා කීපයක් සංවිධානය කිරීමට සූදානමින් සිටි අතර පොලීසියට ඒ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු වලට අනුව ප්රදේශයේ නීතිය හා සාමය පවත්වා ගෙන යාමේ අරමුණින් පොලීසිය විසින් වවුනියාව අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගෙන තිබේ.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක්ම ජාතික නිදහස් දිනය යෙදී ඇති දිනය ශෝක දිනයක් ලෙස සලකා කලු කොඩි දමන ලෙසත් විරෝධතා පවත්වන ලෙසත් උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ගෙන් ඉල්ලා තිබේ.