බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සෞඛ්‍යය

ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

එන්නත ගැන කුකුසක් ඇතිවීම සාධාරණයි.... නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  

by editor
ජනවාරි 30, 2021
in සෞඛ්‍යය
Share on FacebookShare on Twitter

සටහන – නතාෂා නෙත්මිණි

  • එන්නත ලබා දීමේ අරමුණ රෝගයේ බරපතලම තත්වයන් පාලනය කරගැනීම…
  • රටෙන් අඩකට එන්නත් ලබා දීම තමයි ජාතික ඉලක්කය…
  • චීනයෙන්, රුසියාවෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරන ප්‍රදානයන් බලා මිලදී ගත යුතු එන්නත් ප්‍රමාණය හා වෙන් කරන මුදල තීරණය කරනවා…

රට තුළ කොවිඩ් මර්ධන එන්නත්කරණය දැන් ආරම්භ වී තිබේ. ඒ ඉන්දියානු ජනරජය දිනය වෙනුවෙන් ලද එන්නත් ලක්ෂ තුනක ප්‍රදානයකිනි. කෝටි දෙකකට අධික ජනගහණයෙන් සියයට පනහකට එන්නත ලබා දීමට සැලසුම් රජට සතුව  ඇතැයි පැවසේ. මාත්‍රා දෙක බැගින් ලබා දීමට එන්නත් කෝටි දෙකක් පමණ අවශ්‍යව ඇත.  ප්‍රදානයක් ලෙස ලැබුණු එන්නත් ලක්ෂ තුනකින් ආරම්භවන කොවිඩ් මර්දන ජාතික එන්නත් කරණ වැඩපිළිවෙළේ අද සහ හෙට සම්බන්ධව   නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  සමග ලංකාසර පැවැත් වූ සාකච්ඡාවකි මේ.

  • ප්‍රශ්නය –  එන්නත් ගැන වැඩියෙන්ම දැනුවත් භාවයක් තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  නියැලෙන්නන තුළයි. ඔවුන් තමයි එන්නත් පිලිබඳව වැඩියෙන්ම ඉගෙන ගෙන තියෙන්නේ.  එහෙම තිබිලත් ඉන්දියාවෙන් ගෙන් වූ  කොවිඩ් මර්දන එන්නත විදගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතමෙක් බියක් දක්වනවා. මෙයට හේතුව කුමක්ද?

පිළිතුර – මේ එන්නත අපිට විතරක් නොවෙයි මුළු ලෝකයටම අලුත්. මේ පිලිබඳව රැස්කර තිබෙන තොරතුරු ඉතාමත් ස්වල්පයක් විතරයි. ඖෂධ නියාමන අධිකාරිය වුවත් අපට ලබා දුන්නේ තාවකාලික අවසරයක්. අපේ විතරක් නොවෙයි, ලෝකයේ අනිකුත් රටවල්වලටත් මේ පරිසරයම තමයි තිබෙන්නේ.    ඒ නිසා සෞඛ්‍ය සේවකයින් තුළ මේ සම්බන්ධයෙන් යම් කුකුසක් පැවතිම පුදුමයට කරුණක් නොවෙයි,

  • ප්‍රශ්නය – සෞඛ්‍ය සේවකයින් තුළ පවතින කුකුස නැති කිරීමට  අමාත්‍යංශය මට්ටමින් යම් කිසි වැඩපිළිවෙළක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවාද?
ඉන්දියාවෙන් ප්‍රදානය කළ එන්නත් තොගය කටුනායකින් ගොඩ බෑ අවස්ථාව

පිළිතුර –  ලෝකයේ සෑම රටකම  ඇතිවෙලා තියෙන තත්ත්වය මේකයි.  කුකුසක්  සෑම වෘත්තීය තලයකම සමාජ තලයකම තියනවා. මොකද මේ එන්නත අලුත්. රෝගය අලුත්. මුළු ලෝකයේ ම  පර්යේෂකයෝ මේ එන්නත පිළිබඳව මේ වන විටත් කුරුණු රැස්කරමින්  සිටිනවා. කෙසේ නමුත් අපි කිසිම පුද්ගලයෙකුට මේ ඒන්නත ගැන නිවැරදිව කියන්න පුලුවන්කමක් නැහැ. ඒ නිසා කෙනෙකුගේ හිතේ   කුකුසක් ඇතිවීම පුදුමයක් නොවේ.

  • ප්‍රශ්නය –  එන්නත ලබා ගැනීමට අකමැත්තක් දක්වන පුද්ගලයන් කැමති කරවා ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ සුදානමක් තිබෙනවාද? 

පිළිතුර  – කිසිම පුද්ගලයෙකුට මේ එන්නත බලෙන් විදින්නේ නැහැ. හැමකෙනෙකුම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්  වෙන්නයි අවශ්‍ය‍ . මොකද  එන්නත ලබා ගන්නා පුද්ගලයාට පමණයි රෝගයෙන් බේරි ඉන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තම තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේ එන්නත ලබාගන්නවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ඒ අයමයි.

  • ප්‍රශ්නය –  ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා දිමෙන් රෝගය කොයිතරම් දුරට පාලනය කර ගත හැකිවෙයි කියලා හිතනවාද?

පිළිතුර  – රෝගය පැතිරීම වැළැක්වීමට කොයිතරම් දුරට මේ එන්නත ක්‍රියාත්මක වෙනවාද කියන්න තවමත් පුලුවන් කමක් නැහැ. නමුත් අපි මේ එන්නත ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ රෝගයෙන් බරපතල තත්වයට පත්වීම අවම කර ගැනීමයි. දැඩිසත්කාර වෙත ඇතුළත් කරන සංඛ්‍යාව අවම කරන්න හා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අවම කිරීම තමයි මූලික අරමුණ

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  • ප්‍රශ්නය – සාමාන්‍යයෙන් රටකට එන්නත් ගෙන ඒමේදී  ජාතික ඖෂධ නියාමන අධිකාරියට වගකීම් රැසක්ම පැවරෙනවා. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවෙනවා. නමුත් කොවිඩ් මර්දන එන්නත  ගෙනඒමේදී ඖෂධ නියාමන  අධිකාරිය සැලකිය යුතු කාලයක් ගතකළේ නැහැ නේද?

පිළිතුර –  සාමාන්‍යයෙන්  ඖෂධයක් මෙරටට ගෙන ඒමේදී අදාල එන්නත හෝ ඖෂධය සම්බන්ධයෙන් වූ   ලියකියවිලි විශේෂඥ කමිටුවක් මගින්  දින 15ක් පුරා පරික්ෂාවට ලක් කරනවා. නමුත් කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලෝකයේ සියලුම රටවල් සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ අවසරයට අනුකූලව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව මගින් දින 7ක් පුරා මෙම ලියකියවීලි පරික්ෂාවට ලක්කලා

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
  • ප්‍රශ්නය –  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තීරණයද අවසාන තීරණය වන්නේ?

පිළිතුර –  ජාතික ඖෂධ නියාම අධිකාරියේ අවසර ලබා දුන් පසුව රජයක් හැටියට මේ එන්නත ජනතාවට දෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ බෝවන රෝග පිළිබඳ  උපදේශන කමිටුවේ තීරණයන්ට අනුවයි. ඒ කමිටුවේ විශේෂඥවරුන් විශාල පිරිසක් සිටිනවා. ඒ සෑමකෙනෙකුම මේ පිලිබඳව හොඳ අධ්‍යනයක් කරලා අවසානයේ ලබා දෙන තීරණය තමයි රජයක් හැටියට ක්‍රියාත්මක කරන්නේ.

  • ප්‍රශ්නය –  මුල් වටයේදී සෞඛ්‍ය සේවකයින් සදහා භාවිත කරන්නේ ඉන්දියාවෙන් අපට ප්‍රධානයක් වශයෙන් ලැබුණ එන්නත ලක්ෂ 5ක ප්‍රමාණයක්. නමුත් රටේ සමස්ත ජනතාවට ඉදිරියේදී එන්නත ලබා දීම සඳහා අපිට මිලදී ගැනීම් සිදුවිය යුතුයි නේද?.  ඒ සදහා කොපමණ මුදලක් වැයවෙයි කියලා මේ වන විට ඇස්තමේන්තු ගත කර තිබෙනවාද?

පිළිතුර – අපි බලාපොරොත්තු වන්නේ රටේ ජනගහනයෙන් සියයට 50ක ප්‍රමාණයකට මේ එන්නත ලබා දීමටයි. අපිට චීනයෙන් එන්නත් ලක්ෂ 3ක ප්‍රමාණයක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියනවා. ඒ හැරුණු කොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා රුසියාවෙනුත් ප්‍රදානයන් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව තව කොපමණ ප්‍රමාණයක් මිලදීගත යුතුද යන්න තවමත් ඇස්තමේන්තුගත කරලා නැහැ. ඉදිරියේදී එය සිදුවේවි.

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අගදරගුරු හිමියෝ නැගෙනහිර පර්යන්තයට ජනමත විචාරණයක් ඉල්ලති

Next Post

ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

Related Posts

සෞඛ්‍යය

කිරි එළදෙනුන්ගේ බුරුලු ප්‍රදාහය හඳුනා ගැනීමටත් කෘතිම බුද්ධිය……

ඔක්තෝබර් 18, 2024
සෞඛ්‍යය

සීනි පාලනය කරන සීනි පළතුර… සීනි අනෝදා….

ජනවාරි 7, 2024
සෞඛ්‍යය

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

නොවැම්බර් 17, 2023

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.