බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීමේ බලහත්කාරය නවතා දමන්න” – ජගත් සංවිධානය

by Lanka Sara Editor
ජනවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මියගිය COVID-19 ආසාදිතයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් මණ්ඩලයක් විසින් ශ්‍රී ලංකා රජයෙන් ඊයේ (25) ඉල්ලා තිබේ.

එය රටේ මුස්ලිම්වරුන්ගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ විශ්වාසයන්ට පටහැනි බවත්, පවත්නා අගතීන්, නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකි බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු පෙන්වා දෙති.

COVID-19 ආසාදිත බවට තහවුරු කරන ලද හෝ සැක කරන ලද සිරුරු හැසිරවීමේ එකම විකල්පය ආදාහනය කිරීම යන්න මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව එහි දැක්වේ.

මළ සිරුරු භූමදාන කිරීම COVID-19 වැනි බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩි කිරීමට හේතු වන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය හෝ විද්‍යාත්මක සාක්ෂි තහවුරු වී නොමැත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

2021 ජනවාරි 21 වන විට ශ්‍රී ලංකාවේ COVID-19 ආශ්‍රිත මරණ 274 ක් වාර්තා වී ඇති අතර සැලකිය යුතු සංඛ්‍යාවක් මුස්ලිම් සුළු ජාතීන්ට අයත් වේ.

2020 මාර්තු 31 දින නිකුත් කරන ලද COVID-19 ඇති බවට සැක සහිත සහ තහවුරු කරන ලද රෝගීන් පිළිබඳ තාවකාලික සායනික පුහුණු මාර්ගෝපදේශවල සිව්වන සංශෝධනයට අනුව සියලුම සිරුරු ආදාහනය අනිවාර්ය කිරීමට ගත් තීරණය, භූමියේ පානීය ජලය අපවිත්‍ර කළ හැකි යැයි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයන් ඇතුළු විශේෂඥයින්ගෙන් උපදෙස් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, ආදාහනය කිරීමෙන් රෝගය පැතිරීම වළක්වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා රජයේ බලහත්කාර ආදාහන ප්‍රතිපත්තියට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවද ඔවුහු දැඩි ලෙස අවධාරණය කරති.

“මළ සිරුරු භූමදානය කිරීමෙන් කෝවිඩ්- 19 වැනි බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩිවන බවට කිසිදු වෛද්‍යමය හෝ විද්‍යාත්මක හෝ සාක්ෂි ශ්‍රී ලංකාවෙන් හෝ වෙනත් රටවලින් හෝ ලැබී නැත.”

වසංගතය නිසා බරපතල අභියෝග වලට මුහුණ දීමට සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා බව නිවේදනයේ සඳහන් වෙයි.

එසේවෙතත්, එහිදී ගනු ලබන පියවර මළගියවුන්ට, ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායට සහ ඥාතීන්ට ගෞරවයක් වන පරිද්දෙන් සිදුකළ යුතු බව විශේෂඥ මණ්ඩලය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනය විසින්ද පිළිගන්නා ලද එක් දේශීය විද්වත් මණ්ඩලයක් භුමදානය අනුමත කරමින් ලබා දුන් නිර්දේශය නොතකා ආණ්ඩුව විසින් පත් කරන ලද වෙනත් මණ්ඩලයක් පිලිස්සීමම තහවුරු කරමින් දුන් නිර්දේශය පමණක් රජය විසින් පිළිගෙන තිබීම එක්සත් ජාතීන්ගේ අවධානයට ලක්වී ඇති බව ද එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ ජාතික සංවිධානයට එරෙහිව යාපනයේ උද්ඝොෂණ

Next Post

ආදරය තියන තැන…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.