දිනසේන රතුගමගේ
යාපනය විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරණ ලද යුද ස්මාරකය යළි ඉදි කිරීම සදහා ජනතාව මූල්‍ය ආධාර සපයන ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය 19 දා යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලිමක් කොට තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සතුව මුදලක් නොමැති නිසා ආධාර සපයා දෙන මෙන් ඉල්ලීමක් කොට ඇති මහා ශිෂ්‍ය සංගමය මේ වෙණුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරු ඇතුළු සියළු දෙනාගේ දායකත්වය අපේක්ෂා කරණ බවද ප්‍රකාශ කොට තිබේ.
මෙම යුද ස්මාරකය යාපනය විශ්ව විද්‍යාල භූමියේ ඉදි කරණ ලද නමුත් එය ඉදිකිරීමේ මූලික බලාපොරොත්තුව යුද්ධයේදී මියගිය පිරිස සැමරීම නිසා ජනතාව මීට උපකාර කිරීම ඉතාම කාලෝචිත අවස්ථාවක් බවද මහා ශිෂ්‍ය සංගමය පවසා තිබේ.
මේ ස්මාරකය ඉදිකිරීම සදහා දැනට ශ්‍රමදාන කීපයක්ම සංවිධානය කොට ඇති බවත් දැනට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් දැඩි කැපවීමක් මේ කාර්යයේදී ලැබෙමින් පවතින බවත් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයෝ මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කොට තිබේ.