ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා හෙට (5) මෙරටට පැමිණීමට නියමිතය.
ඒ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරකයක් සඳහායි.
හෙට සහ අනිද්දා දෙදින තුළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට ඉහළ පෙළේ බලධාරින් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මේ වසර ආරම්භ වීමෙන් පසුව සිදුකරන පළමු නිල විදේශ සංචාරය මෙයයි.