බදාදා, ජූලි 1, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහන ජාවාරමකින් කෝටි ගණන් රේගු බදු වංචා කළ හිටපු ජනපති පුතෙකුට CIDයෙන් විශේෂ විමර්ශනයක්! ලබන සතියේ කැඳවයි?

by editor
ජූලි 1, 2026
in පුවත්
vehical
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙක් මුල් වී  රේගු බදු වංචා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සු‍ඛෝපභෝගි මෝටර් රථ මෙරටට හොර රහසේ රැගෙන ඒමෙන් සිදුකළ  මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍ේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ජාවාරම පසුගිය ආණ්ඩු සමයන්හිදී ක්‍රියාත්මක වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඉදිරි සතිය තුළ අදාළ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

කන්ටේනර්වල සඟවා සංවිධානාත්මක ලෙස මෙරටට රැගෙන ආ වාහන කිහිපයක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් අනාවරණය කරගෙන තිබේ. මෙම වාහන පරිහරණය කර ඇත්තේ දේශපාලන ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රභූවරුන්ගේ දරුවන් බවට හෙළි වී ඇති අතර, ඒ පිළිබඳව ද පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.

විමර්ශන නිලධාරීන් පවසන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයා විසින් මෙලෙස කන්ටේනර් මඟින් හොර රහසේ මෙරටට පන්නා ඇති වාහන, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරින්ගේ සහයෝගය ඇතිව ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති බවය.

එලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වූ එක් වාහනයක් සම්බන්ධයෙන් පැවැති විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, එහි ලියාපදිංචි හිමිකරු ලෙස පෙනී සිටි දේශපාලනඥයෙකුගේ පුතෙකු පසුව එම වාහනයට අදාළ රේගු බදු ගෙවා ඇති බවයි.

RelatedPosts

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

අවුරුදු 16ක් හිරේට ගිය සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්!

ට්‍රම්ප් ඇමරිකානු අධිකරණය ඉදිරියේ යළිත් සල්ලං වෙයි… ඇමෙරිකාවේ උපත් පුරවැසි අයිතිය සීමා කිරීමේ ට්‍රම්ප්ගේ  උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

වංචනික ලෙස මෙරටට ගෙන්වන මෙවැනි වාහන රාජසන්තක කරනු වෙනුවට, පසුව බදු ගෙවා නිදහස් කර ගැනීමට අවස්ථාව ලබාදීමේ ක්‍රමවේදයක් ද අතීතයේ ක්‍රියාත්මක වී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ තවත් විමර්ශනයකදී එවැනිම ආකාරයේ සුඛෝපභෝගී වාහනයක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය ආණ්ඩු පෙරළියට සුළු කාලයකට පෙර මෙම වාහනය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී වාහනය භාරව සිටි පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ එය හිටපු ජනපති පුත්‍රයෙකුට අයත් එකක් බවය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුව මෙම වාහනය ශ්‍රී ලංකා රේගුව වෙත භාර දී ඇත. වත්මන් රජය බලයට පත්වීමත් සමඟ පවතින දැඩි නීතිමය තත්ත්වය හේතුවෙන්, අදාළ වාහනයට බදු ගෙවා නිදහස් කර ගැනීමට වංචාකරුවන්ට නොහැකි වී තිබේ. ඒ අනුව එම සුඛෝපභෝගී වාහනය තවදුරටත් රේගු භාරයේ පවතින අතර, මේ පිළිබඳ ඉදිරි විමර්ශන සඳහා අදාළ හිටපු ජනපති පුත්‍රයා ඉදිරි සතියේදී CIDය හමුවට කැඳවීමට නියමිතය. ( දිනමිණ – ගයාන් කුමාර වීරසිංහ )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අවුරුදු 16ක් හිරේට ගිය සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්!

Next Post

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

Related Posts

පුවත්

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

ජූලි 1, 2026
පුවත්

අවුරුදු 16ක් හිරේට ගිය සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්!

ජූලි 1, 2026
පුවත්

ට්‍රම්ප් ඇමරිකානු අධිකරණය ඉදිරියේ යළිත් සල්ලං වෙයි… ඇමෙරිකාවේ උපත් පුරවැසි අයිතිය සීමා කිරීමේ ට්‍රම්ප්ගේ  උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!

ජූලි 1, 2026
vehical

වාහන ජාවාරමකින් කෝටි ගණන් රේගු බදු වංචා කළ හිටපු ජනපති පුතෙකුට CIDයෙන් විශේෂ විමර්ශනයක්! ලබන සතියේ කැඳවයි?

ජූලි 1, 2026

අවුරුදු 16ක් හිරේට ගිය සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්!

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 40,000කට වැඩිය වැලලී අතුරුදහන්වුන වෙනිසියුලා  භූමිකම්පාවෙන් දින 06කට පසු සුන්බුන් අතරින් කුඩා දරුවෙකු   පණපිටින්  බේරා ගනී!
  • වාහන ජාවාරමකින් කෝටි ගණන් රේගු බදු වංචා කළ හිටපු ජනපති පුතෙකුට CIDයෙන් විශේෂ විමර්ශනයක්! ලබන සතියේ කැඳවයි?
  • අවුරුදු 16ක් හිරේට ගිය සරණගෙන් අභියාචනාධිකරණයට ඇපෑලක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.