ජානක ලියනආරච්චි –
විලි ලජ්ජාවේ සන්තෝසේ බැරිය. මෙහෙම කුජීත වීමක් ගැන නම් දෙයියම්පා තුන් හිතකින්වත් හිතුවේ නැත.
ඉනිමක පරාජයෙන් බේරෙන්නට ලකුණු 318ක් ගහන්නට තිබුණේය. මේ ක්‍රීඩා කරන්නේ රටේ ජාතික කණ්ඩායම නිසාත් ලංකාව වෙනුවෙන් ලංකාවේ සිටින හොඳම එවුන් 11 දෙනා දැන් යාර හැත්තෑව ඇතුළේ ඉන්නවා යැයි අප විශ්වාස කළ නිසාත් අඩුම තරමින් ඉනිමක පරාජයේ වේදනාවෙන් රට මුදවා ගනු ඇතැයි අපට හිතුනේය.
අන්තිමට රෙදි නැත. දෙවැනි ඉනිමේ දී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කරගන්නේ ලකුණු 101කට දැවී ගියේය. අප්පට සිරි වෙන මුන්ගේ ක්‍රිකට් ගැහිල්ල ගැන අහවල් බිජ්ජක් කතා කරන්නදැයි තේරෙන්නේ නැත. පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 217කින් පරාදය.
ඊයේ දිනයේ දීම පැතුම් නිශ්ශංක ලකුණු 03කට දැවී ගියේය. නිශාන් මධුශ්ක ලකුණු 02කි. කමිඳු මෙන්ඩිස් ලකුණු 09කි. ධනංජය ද සිල්වා ලකුණු නැත. කුසල් මෙන්ඩිස් ලකුණු 08කි. මිලාන් රත්නායක ලකුණු නැත. අසිත ප්‍රනාන්දු ලකුණු නැත. පන්දු යවන්නට හිටියේ නැති ලහිරු කුමාරයා ලකුණු 09කි. කණ්ඩායමේ පිතකරුවන් 09 දෙනෙක් ලකුණු 10ට අඩුවෙන් දැවී ගොස්ය. දිනේෂ් චන්දිමාල් ලකුණු 43කි. දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ සොනාල් දිනූෂය. ඒ ලකුණු 12කි.
පන්දු යැවීමේ දී කෙමර් රොච් ලකුණු 51ට කඩුළු 04කි. ජෙයිඩන් සීල්ස් ලකුණු 14ට කඩුළු 03කි. ෂැමර් ජොෂප් ලකුණු 19ට කඩුළු 02කි. අල්සාරි ජෝෂප් ලකුණු 11ට කඩුල්ලකි.
තේරුම් ගන්නට බැරි ක්‍රිකට්වලටම නාකි වූ තුන් හතර දෙනෙක් සහිතව රට නියෝජනය කරන්නට එවන්නේ මේ විදිහේ ලොන්තයින් ටිකක් නම් මුන් ගහන ක්‍රිකට්වලට ක්‍රිකට් පරිපාලනයට දොස් කියා තේරුමක් නැති බවය. මුන්ගේ ලොන්තපොල් මජරකම හරිගස්සන්නේ නැතිව පිස්සුවෙන් මෙන් එක එකාට බැනගෙන වැඩක් නැත.
මුන් රස්සාව නැති කරන්නට යන්නේ ගැරි කර්ස්ටන් වගේ පුහුණු කරුවෙකුටය. අවලාද අස්සවන්නට හදන්නේ ඉරාන් වික්‍රමරත්න වැනි පරිපාලකයෙකුටය. මිනිස්සුන්ගෙන් පට්ට පදුරු බැනුම් අස්සවන්නට නියමිතව ඇත්තේ රොෂාන් මහානාම, සිදත් වෙත්තමුණි වැනි ප්‍රතිපත්ති ගරුක මහත්මා ක්‍රිඩාවක් කළ මේ රටේ ගෞරවනීය මිනිස්සුන්ටය. කපිල විජේගුණවර්ධන වැනි ඇගයිමට ලක් වූ ක්‍රිකට් පරිපාලකයන්ටය. යළිත් මතක් වෙන්නේ මුරලි කි කතාවය. මුන් 11 දෙනාට වැඩේ බැරිනම් වටේට බැණ හඬගසමින් හිඳ පලක් නැත.

අප හැමදාම කියන කතාවක් ඇත. පරාජය පිළිගත හැකිය. එහෙත් ඒ පරාජයට තර්කයක් තිබිය යුතුය. මේ විදිහට බලු කුජීත වී මුන්ට කියන්නට ඇත්තේ අහවල් දෙයක් දැයි අහන්නට අපත් කැමතිය.
උඹලාට ගොඩක් දේවල් පුලුවන් ඇත. ඒත් දැන් ලෝකයම දැක්ක විදිහට උඹලාට ක්‍රිකට් බැරිය. වැඳලා කියන්නේ ආයෙනම් බැරි මගුල් කරන්නට යන්න එපා කියාය.
ටුවර් එකකට ආපු එකේ මේ සෙල්ලම කරන හැටි ඔය කොල්ලන්ගෙන් අහගෙන මයේ අම්මලා පිරිස්සමින් ගෙදර වරෙල්ලා…
මේ ලිපියත් කියවන්න…









