එයාර් බස් ගනුදෙනුවෙන් ඩොලර් මිලියන දෙකක අල්ලස් ගත් සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුවෙක් වූ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධව මරණය සම්බන්ධව මරණ පරීක්ෂණ සාක්ෂි විමසීම අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී සිදුකරනු ලැබුවේය.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පිළිබඳ කරුණු දක්වමින් වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාලව ඇමිණුම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කළේය.
මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දීමට අද විවෘත අධිකරණය හමුවේ කපිල චන්ද්‍රසේනගේ ඥාතීන්වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා, ඔහුගේ බිරිය ඇතුළු සාක්ෂිකරුවන් අට දෙනෙක් පෙනී සිටියහ. විමර්ශන නිලධාරීන් කියා සිටියේ අපරාධ ස්ථානයේ තිබී සොයා ගත් ඖෂධ වර්ග කීපයක් හා රුධිර සාම්පල කීපයක් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත් බවය.
ගෙල බැඳි පටිය සහ අපරාධ ස්ථානයේ තිබී සොයා ගත් නම සඳහන් නොකළ ඖෂධ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළේ දැයි මහේස්ත්‍රාත්වරයා එහිදී විමසුවේය. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කියා සිටියේ ගෙල වැල ලා ගැනීමට යොදාගත් පටිය අද රස පරීක්ෂවරයා වෙත යොමු කළ බවය.
ඖෂධ වර්ග ද යැවීමට ඉදිරියේ දී කටයුතු කරන බව ඔවුහු පැවසූහ. කපිල චන්ද්‍රසේනගේ දුරකථනය අධි ආරක්ෂිත දුරකථන මාදිලියක් බවත් එය සුදුසු ආයතනයකට යොමු කර විවෘත කරගැනීමට කටයුතු කරමින් සිටින බවත් විමර්ශන නිලධාරීහු අධීකරණයට දැනුම් දුන්හ.
අනුෂ්කාගේ සාක්ෂිය
හිටපු ක්‍රිකට් ක්‍රිඩක අරවින්ද ද සිල්වාගේ බිරියවන කපිල චන්ද්‍රසේනගේ බිරියගේ සහෝදරිය වු ප්‍රියංගි අනුෂ්කා දිසානායක පැවසුවේ මෙම මරණය පිළිබඳ සැකයක් නොමැති බවය.
මම පාන්දර 4ට විතර ඇහැරුණා. ඊට පස්සේ මට හස්බන්් කෝල් කරලා කිව්වා ලෝයර් ඇවිත් ඉන්නේ, තේ එකක් හදලා දෙන්න… කපිලට මම කෝල් දෙකක් ගත්තා. ආනසර් කළේ නෑ කියලා.
ඊට පස්සේ මම ලෝයර් හම්බවෙන්න ගියා. ඊට පස්සේ අපි දෙන්නම කපිල හිටිය කාමරේට ගිහින් කපිලට කතා කළා. කපිල රෙස්පොන්ඩ් කළේ නෑ. ඊට පස්සේ ගෙදර හැම දොරක්ම අරින්න පුලුවන් මාස්ටර් කී එක අරන් මම ලෝයර එක්කම ඩෝ එක ඕපන් කළා. මම කාමරේ ඇතුළට එක අඩියයික තිබ්බේ. ලෝයර් කාමරේ ඇතුළු ටගිහින් ඇවිත් කිව්වා කපිලට අසනීපයි වගේ… ඇම්බියුලන්ස් එකක් ගෙන්වන්න කියලා.
ඊට පස්සෙ ඩර්ඩන්ස් හෝස්පිටල් එකෙන් ඇම්බියුලන්ස් එකත් එක්ක ලේඩි ඩොක්ටර් කෙනෙක් ආවා. එයා ඇවිත් කිව්වා කපිල නැති වෙලා කියලා. මට මේ මරණය ගැන සැකයක් නෑ. එයා කලින් දවසේ රෑ ස්ට්‍රෙස් එකේ හිටියා කියලා මට තේරුණා. ප්‍රියංගි අනුෂ්කා කීවාය.
අරවින්දගේ සාක්ෂිය
හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සාක්ෂිය ලබා දෙමින් කියා සිටියේ ඔහුට ද මරණය පිලිබඳ සැකයක් නොමැති බවය.
ඇතුළට ආයේ යන්න දැඩි අකමැත්තක් තිබ්බා කියලා තේරුණා. පහුවදා උදේ හතයි ගණකට ලෝයර් ගෙදරට කෝල් ගන්නකොට මට ඇහැරුණා. මම ඊට පස්සේ කපිලට කෝල් දෙකක් ගත්තා. රෙස්පොන්ස් කළේ නෑ. දොරට කීප වතාවක් තට්ටු කළා. ඊලඟට එහා කාමරේ බාත් රූම් එක පැත්තේ දොරෙන් තට්ටු කරලා කතා කළා. ඒත් කපිල රෙස්පොන්ඩ් කළේ නෑ.
මම ලෝටර්ට ඊට පස්සේ කිව්වා කපිල රෙඩි වෙනවා ඇති කියලා. ඊට පසසේ මම ඔෆීස් යන්න ලෑස්ති වෙන්න ගියා. මම වයිෆ්ට කිව්වා ඉක්මනට කපිලට කතා කරලා ලෑස්ති කරගන්න කියලා.
ඊට පස්සේ වයිෆ් ලෝයර් එක්ක ගිහිල්ලත් කතා කරලා කපිල රෙස්පොන්ස් කරන්නේ නැති නිසා මාස්ටර් කී එකෙන් කපිලගේ කාමරේ දොර ඇරලා. ලේයර් සහ වයිෆ් තමයි මුලින්ම දැක්කේ.
වැඩිදුර සාක්ෂි විභාගය මැයි 14 වැනිදා සිදුකිරීමට නියමිතය.







