බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

දෙණියායම බිය කර බුරුතු පිටින් පොඩි උන් ලෙඩ කළ වෛරස් රෝගයේ කතාව….

by editor
මැයි 11, 2026
in සමාජ
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

දෙනියායම කැළඹී ගොස් තිබිණි. හඳුනා නොගත්  රෝගයකින් පාසල් දරු පැටවු එකා පිට එකා ලෙඩින් වැටෙන්නට  වූහ. හිටිහැටියේම මතුවන  තද උණ සහ දැඩි හිසරදයෙන් සහ වමනයෙන්  පෙලුන ඔවුන්ගේ බාහිර තත්ත්වය බලාපොරොත්තු වූවාට වඩා බිය උපදවන සුළු විය.  වහාම උන් රෝහල් ගත කෙරිනි.

අප්‍රේල් මස සතිය  ඇතුළු පසුගිය සති දෙක  තුළ මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් 47 දෙනෙක් දෙණියාය මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.   ඔවුහු අවුරුදු 14-15 වයස් කාණ්ඩයේ පසුවූහ.  මුල්ම රෝගීන් දෙණියාය රෝහලට ඇතුළත් වන්නේ  අප්‍රේල් මාසයේ අගභාගයේදී ය.   එතැන් සිට රෝගීන් සිඝ්‍රව වාර්තා වූයේය.  මැයි මස 8 වන දින වන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 47 දක්වා වර්ධනය වීමත් සමඟ, සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන් මැයි 7 සහ 8 යන දිනවලදී දෙනියාය අධ්‍යාපන කලාපයේ  පාසල්  04ක් වසා දැමීමට කඩිනම් පියවර ගත්තේය.

රෝග විනිශ්ඡය.-

රෝගී දරුවන්ගේ  ජෛව සාම්පල රැගෙන  කරාපිටිය රෝහල වෙත රෝග විනිශ්ඡය සඳහා විද්‍යාත්මක පරීක්ෂණයන් වෙනුවෙන් යැවිනි. එහිදී අනාවරණය වන්නේ   පාසල් දරුවන් අතර පැතිර යන රෝගී තත්ත්වය වෛරස් මෙනින්ජයිටිස් (Viral Meningitis) හෙවත් වෛරස් මෙනින්ගෝ එන්සෙෆලයිටිස් තත්ත්වයක් බවය.    කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ සාම්පල පරීක්ෂණ මගින් මෙය එන්ටරෝ වෛරස් (Enteroviruses) කාණ්ඩයට අයත් වෛරසයක් බව නිල වශයෙන් තහවුරු වුනේය.

එන්ටරෝ වෛරස් (Enteroviruses) කාණ්ඩයට අයත් වෛරසයක්

එන්ටරෝ වෛරස් (Enteroviruses) යනු මිනිසාගේ ආහාර මාර්ගය (Gastrointestinal tract) තුළ ප්‍රධාන වශයෙන් ජීවත් වන සහ ගුණනය වන කුඩා වෛරස් කාණ්ඩයකි. මෙම කාණ්ඩයට ඉකො වෛරස් (Echoviruses) සහ කොක්සැකි වෛරස් (Coxsackieviruses) වැනි බහුලව දක්නට ලැබෙන වෛරස් වර්ග රැසක් අයත් වන අතර, ඒවා සාමාන්‍යයෙන් ශරීරගත වන්නේ අපිරිසිදු ජලය හෝ ආහාර හරහා ‘මල-මුඛ’ මාර්ගයෙනි.

මල-මුඛ මාර්ගය (Fecal-oral route) යනු රෝගකාරක වෛරස් හෝ බැක්ටීරියා එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වන සුවිශේෂී ක්‍රමයකි. මෙහිදී සිදු වන්නේ ආසාදිත පුද්ගලයෙකුගේ මළද්‍රව්‍යවල අඩංගු වන ඉතා ක්ෂුද්‍ර වෛරස් අංශු, ජලය හෝ ආහාර මූලාශ්‍රවලට මුසු වීමය. පසුව එම අපිරිසිදු වූ ජලය පානය කිරීමෙන් හෝ එම ජලයෙන් සෝදන ලද ආහාර අනුභව කිරීමෙන්, වෛරසය නිරෝගී පුද්ගලයෙකුගේ මුඛය හරහා නැවත සිරුරේ ආහාර මාර්ගයට ඇතුළු වී රෝගය ඇති කරයි. විශේෂයෙන්ම වැසිකිළි භාවිතයෙන් පසු දෑත් නිසි ලෙස සබන් යොදා නොසේදීම සහ ජල මූලාශ්‍රවලට මළ අපද්‍රව්‍ය මුසු වීම මෙම රෝග ව්‍යාප්තිය වේගවත් කිරීමට ප්‍රධාන වශයෙන් බලපායි.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ආසාදනය තහවුරු වීම

රෝග ලක්ෂණ පහළ කරළ දරුවන් 47 අතුරින්  දරුවන්   15 දෙනෙකුටම රෝගය වැළඳී ඇති බව ස්ථිර රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කෙරිනි. මෙම රෝග ව්‍යාප්තිය එක් පාසලකට පමණක් සීමා නොවී, කලාපයේ විවිධ පාසල් කරා විහිදී ගොස් තිබිණි. අද සහ හෙට නිවාඩු දී ඇති පැසල් හතරට අමතරව ,  තවත් පාසල් කිහිපයකින් ද රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තා විය. පාසල් පරිශ්‍ර තුළ දරුවන් පොදුවේ ජලය බෙදා ගැනීම සහ සනීපාරක්ෂක පුරුදු අඩුවීම හේතුවෙන් පාසල් වේලාව තුළදී රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව  වෛද්‍යවරු කල්පනා කළහ.

ජල මුලාශ්‍ර පරීක්ෂා කරමින්…

 රෝග ලක්ෂණ සහ බරපතලකම

මෙම රෝගය වැළඳුණු විට තද උණ, දැඩි හිසරදය, උගුරේ අමාරුව සහ වමනය වැනි රෝග ලක්ෂණ මතු වේ. මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් වුවද, එය මොළය ඉදිමීම හෙවත් ‘එන්සෙෆලයිටිස්’ (Encephalitis) තත්ත්වය දක්වා වර්ධනය නොවන බව වෛද්‍යවරු අවධාරණය කරති. මේ හේතුවෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති අතර, රෝගී වන දරුවන් දින 6ක් හෝ 7ක් වැනි කෙටි කාලයකදී පූර්ණ සුවය ලබන බව වාර්තා වේ.

දැනට දෙනියාය මූලික රෝහලෙන් ප්‍රතිකාර ලැබූ රෝගීන් 47ත් 50ත් අතර සංඛ්‍යාවෙන් බහුතරයක් මේ වන විටත් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

ගෙන ඇති පියවර

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ පවිත්‍රතා කටයුතු සිදු කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩුගේ උපදෙස් මත දෙනියාය ප්‍රදේශයේ පාසල් හතරක් මැයි 10 සහ 11 යන දිනවල ද වසා තැබීමට පියවර ගැනුණි. ඒ අනුව පසුගිය 07 වැනිදා වසා දැමූ

  • දෙනියාය ජාතික පාසල
  • දෙනියාය ශාන්ත මැතිව් විද්‍යාලය
  • දෙනියාය රාජපක්ෂ විද්‍යාලය
  • පල්ලේගම ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික අංශය අද සහ හෙට දින දෙකේත් වසා දැමෙනු ඇත.

මීට අමතරව, ප්‍රදේශයේ ජල මූලාශ්‍ර පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කණ්ඩායමක් යොදවා ඇති අතර, මහජනතාවට සනීපාරක්ෂක පුරුදු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය උපදෙස්

රෝගය පාලනය කිරීම සඳහා පානීය ජලය නටන තුරු උණු කර නිවා පානය කරන ලෙසත්, ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසු දෑත් සබන් යොදා හොඳින් සෝදන ලෙසත් සෞඛ්‍ය බලධාරීහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප නැවතත් අනතුරක ද?… ගිනි පෙනෙල්ලෙන් බැට කෑ උන් කණාමැදිරි එළියටත් බය ය !

Next Post

ලෝක ආර්ථිකයේ ව්‍යසනයේ තරම ජාතියකට බලපාන හැටි මෝදිගෙන්වත් අහගන්න…

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026
සමාජ

මරණ ගණන 90 යි.. 100 ඉක්මවා යන බවට පුරෝකථන… චිනයේ පොළොව යට අඳුරේ මිය ගිය සිය ගණන් මිනිස්සුන්ගේ ඛේදනීය කතාව…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.