බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

by editor
මැයි 9, 2026
in දේශපාලන
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින ඓතිහාසික හා රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය නව මානයකට ඔසවා තබමින්, වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (To Lam) මෙරට සාර්ථක රාජ්‍ය සංචාරයක නිරත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක කළ නිල ආරාධනයකට අනුව සිදුවූ මෙම සංචාරය, වසර 15කට පසු වියට්නාම රාජ්‍ය නායකයෙකු මෙරටට පැමිණි ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරයි. මෙම සංචාරයේ ප්‍රධානතම ජයග්‍රහණය වන්නේ දෙරට අතර සබඳතා “විස්තීර්ණ හවුල්කාරිත්වයක්” (Comprehensive Partnership) දක්වා ඉහළ නැංවීමට නායකයන් දෙපළ එකඟ වීමය.

  • රාජ්‍ය ගෞරව සහිත උණුසුම් පිළිගැනීම

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ටෝ ලාම් ඇතුළු වියට්නාම් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ නායකයන්ගෙන් සමන්විත රාජතාන්ත්‍රික දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමේ නිල උත්සවය පැවැත්විණි. පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කොට ගනිමින් ජනාධිපති කාර්යාලය වෙත කැඳවා ගෙන ආ වියට්නාම් ජනාධිපතිවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. දෙරටේ ජාතික ගී වාදනයෙන් අනතුරුව, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩි මුර පවත්වමින් වියට්නාම් ජනාධිපතිවරයා පිළිගත් අතර ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිළිගැනීමෙන් අනතුරුව දෙරටේ රාජ්‍ය නියෝජිතයන් හඳුන්වා දීම සිදු විය.

  • හෝ චි මිං ස්මාරකය සහ සංස්කෘතික බැඳීම

දෙරට අතර පවතින ගැඹුරු සංස්කෘතික සහ ඓතිහාසික සබඳතා සිහිපත් කරමින්, කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නූතන වියට්නාමයේ නිර්මාතෘ හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමට ටෝ ලාම් කටයුතු කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක ද මෙම අවස්ථාවට එක් වූ අතර, මඟ දෙපස රැඳී සිටි පාසල් දරු දැරියෝ දෙරටේ ධජ ඔසවාගෙන වියට්නාම් නායකයාට ගෞරව දැක්වූහ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මෙහිදී “වියට්නාම්-හෝ චි මිං පරිශ්‍රය” (Vietnam-Ho Chi Minh Space) නවීකරණය කිරීමේ සහ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ විය. මෙම කටයුතු සඳහා වියට්නාමයේ රාජ්‍ය විගණන කාර්යාලයේ විගණකාධිපති න්ගුයෙන් හූ න්ගියා විසින් කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් වෙත ඇමෙරිකානු ඩොලර් 50,000ක මූල්‍ය ප්‍රදානයක් සිදු කරන ලදී. හෝ චි මිං ශ්‍රී ලංකාවේ තුන් වරක් සංචාරය කර තිබීම මෙම ඓතිහාසික බැඳීම තවදුරටත් තහවුරු කරන සාධකයකි.

  • ද්විපාර්ශ්වික සාකච්ඡා සහ සහයෝගීතා ක්ෂේත්‍ර

ජනාධිපති කාර්යාලයේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ක්ෂේත්‍ර රැසකට අදාළ වැදගත් තීන්දු තීරණ රැසකට එළඹුණි. එහිදී දෙරට අතර සබඳතා නව පරිච්ඡේදයකට රැගෙන යමින් අවබෝධතා ගිවිසුම් පහක් හුවමාරු කර ගැනිණි:

පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ: වියට්නාමයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මහජන පොලිස් ඇකඩමිය සහ ශ්‍රී ලංකා ජාතික පොලිස් ඇකඩමිය අතර සහයෝගීතාව සඳහා වන ගිවිසුම අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජෙනරාල් ලුඕන්ග් ටැම් ක්වාන්ග් අතර හුවමාරු විය.

විද්‍යා සහ තාක්ෂණ: ශ්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ වියට්නාම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය අතර සහයෝගීතාව වර්ධනය කිරීම අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ වූ හායි ක්වාන් විසින් සිදු කරන ලදී.

ජනවාර්ගික සහ ආගමික කටයුතු: වියට්නාමයේ ජනවාර්ගික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ බුද්ධශාසන අමාත්‍යාංශය අතර සහයෝගීතාව ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ න්ගුයෙන් ඩින් කාන්ග් අතර හුවමාරු විය.

සංස්කෘතික සහයෝගීතාව: වියට්නාමයේ සංස්කෘතික, ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ බුද්ධශාසන අමාත්‍යාංශය අතර සංස්කෘතික සබඳතා වර්ධනය කිරීම.

තොරතුරු සහ සන්නිවේදන: වියට්නාමයේ සංස්කෘතික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර සහයෝගීතාව ආචාර්ය කෞශල්‍ය අරියරත්න සහ හෝ අන් ෆොන්ග් විසින් හුවමාරු කර ගන්නා ලදී.

මීට අමතරව, වියට්නාම් රජය විසින් ශ්‍රී ලංකාවට මෙට්‍රික් ටොන් 100ක පොහොර තොගයක් (යූරියා සහ සුපර් පොස්පේට්) පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විය.

  • ඒකාබද්ධ මාධ්‍ය හමුව:

ජනාධිපතිවරුන්ගේ ප්‍රකාශ

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වියට්නාමය හඳුන්වා දුන්නේ “අධිරාජ්‍යවාදයට එරෙහි නොසැලෙන අභිමානයක් සහ ආර්ථික පරිවර්තනයේ ජීවමාන සාක්ෂියක්” ලෙසයි. පීඩිත ජාතීන්ගේ විමුක්තිකාමී අරගලවලට පන්නරයක් වූ වියට්නාමය, අද වන විට ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් දක්වා පරිවර්තනය වීම පිළිබඳව ඔහු සුබපැතුම් එක් කළේය.

වර්ෂ 2030 වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාම ඇමරිකානු ඩොලර් බිලියන 01 දක්වා වැඩි කිරීමේ ඉලක්කය ඔහු මෙහිදී ඉදිරිපත් කළේය. පුනර්ජනනීය බලශක්තිය (සූර්ය හා සුළං), විද්‍යුත් වාහන නිෂ්පාදනය, ඩිජිටල් පොදු යටිතල පහසුකම්, කෘත්‍රීම බුද්ධිය සහ කෘෂිකාර්මික නවීකරණය යන ක්ෂේත්‍රවල වියට්නාමයේ ආයෝජන සහ තාක්ෂණික සහයෝගය ඔහු විශේෂයෙන් ඉල්ලා සිටියේය. විශේෂයෙන්ම කෘෂිකාර්මික ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණ හුවමාරුව සහ පසු-අස්වනු කළමනාකරණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට එකඟ වූ බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කර තිබීම පිළිබඳව සිය සතුට පළ කළ ටෝ ලාම්, දෙරට අතර පවතින විශ්වාසය සහ සහයෝගීතාව ඉහළින් අගය කරන බව පැවසීය. “විස්තීර්ණ හවුල්කාරිත්වය” (Comprehensive Partnership) හරහා දේශපාලන, ආරක්ෂක සහ ආර්ථික ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැපවන බව ඔහු අවධාරණය කළේය.

ද්විපාර්ශ්වික වෙළඳ පිරිවැටුම ඉහළ නැංවීම සඳහා අනාගතයේදී වෙළඳ සහ ආයෝජන පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුමක් සඳහා කටයුතු කිරීමට ඔහු සිය සූදානම පළ කළේය. තවද, කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමුද්‍රීය ගමනාගමනයේ නිදහස තහවුරු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. නැගෙනහිර මුහුද ඇතුළුව සාගරවල යාත්‍රා කිරීමේ සහ ගුවන් ගමන්වල නිදහස පවත්වා ගැනීම පිළිබඳව ඔහු විශේෂ අවධානයක් යොමු කළේය.

  • ආර්ථික සහ ආයෝජන සහයෝගිතා සංසදය

සංචාරයේ තවත් වැදගත් අංගයක් වූයේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවති “ශ්‍රී ලංකා-වියට්නාම් වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සහයෝගිතා සංසදය” යි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ටෝ ලාම්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සංසදයට වියට්නාම් ව්‍යාපාරික නියෝජිතයන් 50කට අධික පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් වූයේ කොළඹ සහ වියට්නාමයේ හෝ චි මිං හා හැනෝයි නගර අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට ගත් තීරණයයි. “වියට්නාම් එයාර්ලයින්ස්” සහ “වියට්ජෙට් එයාර්” මගින් මෙම සේවාවන් ක්‍රියාත්මක වන අතර, එය සංචාරක සහ වෙළඳ ක්ෂේත්‍රවල විශාල පිම්මක් වනු ඇත.

තවද, ලංකා වාණිජ මණ්ඩලය යටතේ “ශ්‍රී ලංකා-වියට්නාම් ව්‍යාපාරික කවුන්සිලය” පිහිටුවීම ද මෙහිදී නිල වශයෙන් සිදු විය. ව්‍යාපාරික ජාලකරණ සැසියක් හරහා දෙරටේම පෞද්ගලික අංශයට සෘජුව ගනුදෙනු කිරීමට අවස්ථාව සැලසීම ද මෙහි විශේෂත්වයකි.

  • අග්‍රාමාත්‍යවරිය සමග ද්විපාර්ශ්වික සාකච්ඡා

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වියට්නාම් ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවලදී, 56 වසරක් සපිරෙන දෙරටේ සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව අවධානය යොමු විය. විශේෂයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය කරුණු ඉදිරිපත් කළාය. දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

  • සංචාරයේ නිමාව සහ ඉදිරි දැක්ම

තම රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කළ ටෝ ලාම් ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඊයේ (08)  දිවයිනෙන් පිටත්ව ගියහ. ඔවුන්ට සමු දීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

මෙම සංචාරය හුදෙක් රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය, ආර්ථික සහ ආරක්ෂක වශයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකිය. වියට්නාමය ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ තාක්ෂණික දියුණුව ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ගමන් මඟට විශාල ශක්තියක් වනු ඇති බව නිසැකය. දෙරට අතර ඇතිවූ මෙම නව විස්තීර්ණ හවුල්කාරිත්වය ඉන්දීය සාගර කලාපයේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය උදෙසා තැබූ වැදගත් පියවරකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුණෑගල මාලිමා මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අල්ලස් දැලට හසුවීමේ කතාව…

Next Post

18%කින් ඉහළ ගිය විදුලි බිල ඔබේ නිවසට බලපාන්නේ කෙසේ ද?

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026
දේශපාලන

 ලංකාව ලෝක සිතියමෙන් අතුරුදහන් කරන බව කී මිනිසා තමිල්නාඩුවේ මහ ඇමති වූ පසු…මේ ලංකාවට  පාත්වන අලුත්ම  “දිට්වා  සංස්කරණය”  ද?   

මැයි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.