කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
- ඇනවුම් කරලා තියන්නේ පිටකොටුවෙ ආනයනකරුවන් 08 දෙනෙක්… වටිනාකම කෝටි 07ක්.
- අපද්‍රව්‍ය බහාලුම් 28ට යුක්‍රේනයේ ආහාර සුරක්ෂිත හා පාරිභෝගික ආයතනය ශ්වස්ථතා සහතියකුත් දීලා
- බහාලුම් 28ම ප්‍රති අපනයනය කරන්න සූදානම්…
පිටකොටුවේ ව්‍යාපාරිකයන් 08 දෙනෙක් විසින් යුක්‍රේනයෙන් ඇණවුම් කළ රුපියල් කෝටි 07ක් වටිනා කොත්තමල්ලි තොගයක් වෙනුවට එම ඇනවුම්කාර සමාගම විසින් කෘෂි අපද්‍රව්‍ය තොගයක් ලංකාවට එවා තිබිය දී අද සවස රේගු පාරිභෝගික ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේය.
ව්‍යාපාරිකයන් පිරිස මෙම කොත්තමල්ලි තොගය ඇනවුම් කර ඇත්තේ යුක්‍රේනයේ ඇග්‍රොනිකා නැමැති සමාගමක් හරහාය. එම ඇනවුමට අනුව පසුගිය 10 වැනිදා කොත්තමල්ලි අඩංගු යැයි කී බහාලුම් 08ක් ද 21 වැනිදා බහාලුම් 20ක් ද පැමිණ තිබුණු අතර ඉන් 04ක් කොළඹ වරාය බහාලුම් අංගනයේ තැන්පත් කර තිබිණි.
සැකයට තුඩු නොදුන්නේ මේ බහාලුම් 28 සඳහා යුක්‍රේනයේ ආහාර සුරක්ෂිත හා පාරිභෝගික ආයතනයේ ශ්වස්ථතා සහතියක් ද ලබා දී තිබුණු බැවිනි. එමෙන්ම බහාලුම් ගෙනා නෞකාවල ලේඛනයන් හි ද බහාලුම්හි අන්තර්ගත ද්‍රව්‍ය ලෙස සඳහන්ව තිබුණේ කොත්තමල්ලිය.
එහෙත් අද සවස (24) වැලිගම්පිටිය රේගු බහාලුම් අංගනයේ දී රේගුවේ පාරිභෝගික ආරක්ෂක අංශ නිලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් විසින් මේ බහාලුම් පරීක්ෂා කර බලන විට හෙළි වූයේ එ්වායේ ඇත්තේ කොත්තමල්ලි නොව, කෘෂි ශාඛ අපද්‍රව්‍ය බවය.
කෘෂි ශාඛ අපද්‍රව්‍ය ආනයනය කිරීම 1999 අංක 35 දරන ශාඛ ආරක්ෂණ පනත යටතේ නීති විරෝධී බවත් මෙම බහාලුම් 28 සම්බන්ධව කරන නෛතිකි කටයුතුවලින් අනතුරුව ඒවා යුක්‍රේනයට ප්‍රති අපනයනය කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
.