බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘චොකා මල්ලි’ බලපත්‍ර නොමැති ගිනි අවියක් සමඟ නුවරඑළියේදී අත්අඩංගුවට!

by editor
අප්‍රේල් 21, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ – 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) නුවරඑළිය පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර නොමැති ගිනි අවියක් ළඟ තබා ගැනීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත.

මෙම සිද්ධිය 2026 අප්‍රේල් 21 වන අඟහරුවාදා දින නුවරඑළිය ප්‍රදේශයේදී සිදුව තිබේ. වාර්තා වන අන්දමට ජයසේකර තම පවුලේ සාමාජිකයන් සහ ඥාතීන් සමඟ නුවරඑළියේ සංචාරයක නිරත වී ඇති අතර, එම අවස්ථාවේදී අවිස්සාවෙල්ල ප්‍රදේශයේ සිට පැමිණි තවත් පිරිසක් සමඟ ආරවුලක් හටගෙන ඇත.

එම පිරිස නුවරඑළිය පොලිසියට ගොස් පැමිණිලි කර තිබුනේ ජයසේකර විසින් තමන්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ බවය

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර ප්‍රේමලාල් ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් කළ විමර්ශනයක දී හෙළි වන්නේ අදාළ ගිනි අවිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් බලපත්‍රයක් නිකුත් කර තිබුණද, එහි වලංගු කාලය 2025 වසර අවසානයේදී අවසන් වී ඇති බවය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

සැකකාර හිටපු මන්ත්‍රීවරයා ඒ අනුව අත් අඩංගුවට ගෙන ඇත. ඔහුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රේමලාල් ජයසේකරගේ පසුබිම

1974 නොවැම්බර් 16 දින උපත ලැබූ හල්කේඩලිය ලේකම්ලාගේ නොහොත් මහවෙල ලේකම්ලාගේ ප්‍රේමලාල් ජයසේකර වසර ගණනාවක සිට රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු පසුගිය රජයන්හි නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ද හෙබවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. දේශපාලන ක්ෂේත්‍රය තුළ ඔහු වඩාත් ප්‍රචලිතව ඇත්තේ “චොකා මල්ලි” යන නමිනි.

අපරාධ ඉතිහාසය පිළිබඳ සාරාංශයක්

ජයසේකර සම්බන්ධ වූ බරපතළම අපරාධ නඩුව වාර්තා වන්නේ 2015 ජනාධිපතිවරණ සමයේදීය. 2015 ජනවාරි 8 වන දින රත්නපුර කහවත්ත ප්‍රදේශයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කරමින් වේදිකාවක් ඉදිකරමින් සිටි පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම අවස්ථාවේදී ඔහු මහින්ද රාජපක්ෂ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළේය.

මෙම වෙඩි තැබීමෙන් වේදිකාව අලංකාර කරමින් සිටි ආධාරකරුවෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසු 2020 ජූලි 31 දින ඔහු ඇතුළු තිදෙනෙකුට මරණ දඬුවම නියම විය.

මරණ දඬුවම නියම වන විටත් ඔහු 2020 මහ මැතිවරණයෙන් තේරී පත්ව සිටි අතර, ශ්‍රී ලංකා ඉතිහාසයේ මරණ දඬුවම නියම වූ පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්විය. ඒ අනුව ඔහු 2020 සැප්තැම්බර් මාසයේදී බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබීය.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව 2022 මාර්තු 31 දින ඔහු ඇතුළු තිදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරිණි. මහාධිකරණය ලබා දුන් මරණ දඬුවම නීත්‍යානුකූල නොවන බව එහිදී අභියාචනාධිකරණය තීන්දු කළේය. නිදහස් වීමෙන් පසු ඔහු යළිත් දේශපාලන කටයුතුවල නිරත විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘ඒහි පස්සිකො’ සාම පාද යාත්‍රාව සඳහා  ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය අනුරාධපුරයට!

Next Post

පාස්කු ප්‍රහාරය කළ ත්‍රස්තවාදීන් දෙන්නගේ තාත්තා වුන ඊබ්‍රාහිම්ගේ දේපළත් නිදහස් කරලා ආණ්ඩුව සුරේෂ් සලේට ඇඟිල්ල දික් කරනවා – නාමල් රාජපක්ෂ!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.