ඉරානයට ආයුධ විකුණන ඕනෑම ජාතියකට එරෙහිව ට්‍රම්ප්ගෙන් සියයට 50ක තීරු බද්දක්…

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් විසින් ඉරානයට හමුදා අවි ආයුධ සපයනු ලබන ඕනෑම රටකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි වෙළඳ දඬුවම් පනවන බව ප්‍රකාශ කර තිබේ.

අප්‍රේල් 08 වැනිදා සිය නිල Truth Social ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ, එවැනි රටවල් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට අලෙවි කරනු ලබන සියලුම භාණ්ඩ සඳහා කිසිදු නිදහස් කිරීමකින් හෝ බැහැර කිරීමකින් තොරව සියයට 50ක තීරු බද්දක් පනවන බවයි.

“ඉරානයට හමුදා අවි සපයන ඕනෑම රටකට, ඇමෙරිකා එක්සත් ජනපදය වෙත අලෙවි කරන ඕනෑම සහ සියලුම භාණ්ඩ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 50ක තීරු බද්දක් පනවනු ලැබේ.”

“එහිදී කිසිදු බැහැර කිරීමක් හෝ නිදහස් කිරීමක් සිදු නොවනු ඇත,” යනුවෙන් ට්‍රම්ප් සිය සටහනේ දක්වා තිබුණේ “ජනාධිපති DJT” ලෙස අත්සන් තබමිනි.

RelatedPosts

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT