බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන කෝටා 2026: වැඩිවීමේ ඇත්ත කතාව තේරුම් අරගෙනම කියවන්න!

by editor
මාර්තු 21, 2026 - Updated on මාර්තු 22, 2026
in පුවත්, සමාජ
Increases-in-Petrol-Diesel-Price
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

ඉන්ධන කෝටාව ඉහළ දමා තිබේ. දල වශයෙන් සියයට  25 සිට සියයට 67ක සීමාව තෙක් එම ඉහළ දැමීමේ තීන්දුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

ගොලීය අර්බුදය සම්බන්ධව කළ පුරෝකථනයෙන් අනතුරුව   2026 මාර්තු 15-16 දින වන විට ශ්‍රී ලංකා රජය ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තේය. 2022 ආර්ථික අර්බුදයේ දී ප්‍රථමවරට හඳුන්වා දුන් මෙම QR කේත පදනම් ඉන්ධන කෝටා ක්‍රමය යළි සක්‍රිය කිරීම  ගෝලීය යථාර්ථයකට දේශීය විසඳුමක් සෙවීමේදී  රජය ගත් වැදගත්ම ප්‍රායෝගික පියවරය.

මෙම ක්‍රමය යටතේ සෑම වාහන හිමිකරුවෙකුම රජයේ නිල වේදිකාවේ ලියාපදිංචි වී QR කේතයක් ලබාගත යුතු  විය. දැන් එම කේතයෙන් තොරව ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබාගැනීමට  හැකියාවක් නැත.

qr-code-img

ආරම්භක සතිපතා ඉන්ධන කෝටා:

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

QR ක්‍රමයට අමතරව රජය තවත් පූර්ව සූදානම් පියවර කිහිපයක් ද ගත්තේය:

  • වාහන අංක පදනම් ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය හඳුන්වා දීම
  • බදාදා දිනය රජයේ කාර්යාල හා පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් ඉන්ධන පරිභෝජනය අවම කිරීම
  • බිය වී මිලදී ගැනීම් වැළැක්වීමට ජනතාවට නිරන්තර අනතුරු ඇඟවීම

පළමු දින කිහිපය  – අභියෝග සැඟවිය යුතු නැත කිසිදු ක්‍රමයක් පරිපූර්ණ නොවන බව පිළිගත යුතුය. QR ක්‍රමයේ නැවත ආරම්භය සුමට නොවීය. ගැටලු රාශියක් මතු විනි.

තාක්ෂණික ගැටලු

ලියාපදිංචි වේදිකාව ආරම්භක දිනයේ දී බිඳ වැටීම, ප්‍රමාද වූ OTP කේත, අත් මාරු කළ වාහනවල පැරණි හිමිකරුවන්ගේ නම් පෙන්වීම, නව හෝ ලියාපදිංචි නොකළ වාහන ලියාපදිංචි කිරීමේ ගැටලු යනාදී තාක්ෂණික දුර්වලතා රැසක් මතු විය.

Facebook, Instagram සහ X (Twitter) වැනි සමාජ මාධ්‍ය වේදිකා දෝෂ පණිවිඩවල screenshots වලින් පිරී ගියේය. දුර්වල සැලසුම්කරණය ගැන චෝදනා නැඟුණි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම්වල තවමත් පවතින දුර්වලතා මතුපිටට ගෙන ආ අවස්ථාවක් විය.

නමුත් එම දුර්වලතා හඳුනාගැනීම ද ඉදිරි ගමනට වැදගත් පියවරක් බව පෙනුනත් එම අත්දැකීම් මත දැනුම කළමනාකරණය කරන ආකාරය ගැන තක්සේරුවක් ගන්නට තවත් එවැනිම අවස්ථාවක් නිර්මාණය විය යුතුය.

තිබුණු  කෝටා ප්‍රමාණවත් ද?

ආරම්භක කෝටා ප්‍රමාණයන් දෛනික අවශ්‍යතාවලට ප්‍රමාණවත් නොවන බවට බොහෝ ක්ෂේත්‍රවලින් හඬ නැඟුණි. පුද්ගලික බස් ක්‍රියාකරුවන්, රියදුරු සංගම්, GMOA වෛද්‍ය සංගමය, වාහන ආනයනකරුවන් සහ ගොවීන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර කෝටා ඉහළ දැමීම ඉල්ලා සිටියහ.

බියපත් වූ මිනිසුන්ගේ  මිලදී ගැනීම් සහ මහජන ව්‍යාකූලත්වය හේතුවෙන් QR ක්‍රමය තිබියදීත් සමහර පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණි.

දේශපාලන විවේචන

වත්මන් පරිපාලනය පෙර රජය (රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව) යටතේ මෙම QR ක්‍රමය විවේචනය කළ හෝ අත්හිටුවූ බව පෙන්වා දෙමින් ආණ්ඩුවේ දේශපාලන භාවිතය ගැන  ප්‍රශ්න කළේය.  කජු සීයා හදා දුන්  QR එක ක්‍රියාත්මක කර ගත නොහැකි වැඩ බැරි ගොබ්බ කයි කාරයින් ලෙස ආණ්ඩුවට චෝදනා එල්ල විය.  පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂ හඬවල් රජයේ වැරදි කළමනාකරණය, ස්ථාවර සැපයුම් පිළිබඳ පෙර සහතික කිරීම්වලට පටහැනි ක්‍රියාමාර්ග ගැනීම  සහ අතීතයේ ආර්ථික බිඳවැටීම හමුවේ  ගත්  පියවරවලට ආපසු යාම වැළැක්වීමට අපොහොසත් වීම ගැන චෝදනා එල්ල කළහ.

රජයේ ප්‍රතිචාරය  

මෙතැන සිට ඉතා වැදගත් කරුණක් පැහැදිලි වේ.

2022 අර්බුදයේ දී බොහෝ විට රජයේ ප්‍රතිචාරය ප්‍රමාද හා නම්‍යශීලී නොවූ ස්වභාවයක් ගත්තේය. නමුත් මෙවර  සතියක් ඇතුළත  රජය විවිධ ක්ෂේත්‍රවලින් එල්ල වූ පීඩනයට සහ ජනතා ප්‍රතිචාරවලට සවන් දී ක්‍රියාත්මක වූයේය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2026 මාර්තු 21 මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටා සැලකිය යුතු ලෙස ඉහළ දැමීමට තීරණය කළේය:

නව සංශෝධිත ඉන්ධන කෝටා — 2026 මාර්තු 21 සිට:

සෑම ප්‍රධාන වාහන වර්ගයකම කෝටාව 25% සිට 67% දක්වා ඉහළ ගොස් ඇත. විශේෂයෙන් මහජන ප්‍රවාහනයට සෘජුව බලපාන බස් රථ කෝටාව ලීටර් 60 සිට 100 දක්වා ඉහළ දැමීම සාමාන්‍ය ජනතාවගේ දෛනික ගමනාගමනයට සැලකිය යුතු සහනයක් වනු ඇත.

ලොරි රථ (ලීටර් 200) සහ විශේෂ කාර්ය වාහන (ලීටර් 40) සඳහා වන කෝටා සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කළේය.

2022 ට වඩා වෙනස් ද?  සංසන්දනාත්මක විග්‍රහයක්!

මෙහිදී 2022 ඉන්ධන අර්බුදය සමඟ සංසන්ද නයක් කිරීම අත්‍යවශ්‍ය වේ:

2022 දී ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ  බහුවිධ  ආර්ථික කඩා වැටීමකටය. විදේශ සංචිත බිම මට්ටමට වැටී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොතිබුණි. එවකට QR ක්‍රමය අත්හදා බැලීමක් විය.

2026 දී තත්ත්වය මූලිකවම වෙනස්ය. අර්බුදය ප්‍රධාන වශයෙන් බාහිර ගෝලීය සාධක නිසා ඇති වූවකි. එම අර්බුදය ලෝකයේ සෑම රටක් මතම පැටවී තිබිණි.  රජය මෙවර ක්‍රියාත්මක වූයේ අර්බුදය උත්සන්න වීමට පෙරය. එනම්    පූර්ව සූදානම් සහගත (precautionary) පියවරක් ලෙසය.

පුළුල් ජනතා හැඟීම

මෙම අවස්ථාවේ ඇති වී ඇති ජනතා හැඟීම ඇත්ත වශයෙන්ම සංකීර්ණ සහ බහුවිධ ආකාරයක් පෙන්නුම් කරන්නේය.  ඇතැමෙක් කනස්සලෙනි. ඇතැමෙක් කෝපයෙනි. තවත් පිරිසක් ඇති වී ඇති ලෝක අර්බුදය සම්බන්ධව අවබෝධයෙනි.

  • තවත් ඉන්ධන මිල ඉහළ යාමේ බිය, සංචාරක කර්මාන්තයට බලපෑම, ප්‍රවාහන සහ යැපීම් ජීවනෝපාය ක්ෂේත්‍රවලට ඇතිවන තර්ජනය, 2022 මෙන් දැඩි දුෂ්කරතා නැවත පැමිණේ ද යන්න මත උපන් බිය මේ කනස්සල්ල තියුණු කර තිබේ.
  • තාක්ෂණික ක්‍රියාත්මක කිරීමේ දෝෂ ගැන කලකිරීම,  රජය විසින් බලාපොරොත්තු ඇති කළ සමාජ ජීවිතය සහ මේ වනවිට අත් විඳන සැබෑ ජීවිතය අතර අන්තරය, නැවත නැවතත් අර්බුදවලට මුහුණ දිමේ වෙහෙස පොදු ජනතාවගෙන් විචාර බුද්ධිය පලවා හැර තිබේ. අවසානයේ දී එය කෝපයක් ලෙස ප්‍රකාශ වෙමින් ඇත.
  • ගෝලීය භූ-දේශපාලන සාධක නිසා ඇති වී තිබෙන මෙම ගෝලීය අර්බුදයට මුහුණ දීමට මෙය අනිවාර්ය අවශ්‍යතාවක් බව පිළිගැනීමට තරම් විචාරශීලී පිරිස්, 2022 ට වඩා වේගවත් ප්‍රතිචාරය පිළිබඳ සාපේක්ෂ අගයකිරීමක් කරන පිරිස්,  කෝටා ඉහළ දැමීම සහනදායක සංඥාවක් ලෙස පිළිගන්නා පිරිස් මේ ඇති වී තිබෙන තත්ත්ව කළමනාකරණය සුබවාදී ලෙස පිළිගනිති.

ඉදිරිය – අපේක්ෂාව සහ යථාර්ථය

කෝටාවකට ඉන්ධන ලබා දීම යනු සමාජ ජීවිතය සීමා කිරීමකි. එය කිසිවෙකුට ප්‍රිය දෙයක් නොවේ. එහෙත් යුද්ධයක කතිරය මත සිටින ලෝකයක පවතින සම්පත් වගකීමෙන් කළමනාකරණය කිරීම හැර වෙනත් විකල්පයක් නැත.

2022 දී ශ්‍රී ලංකාව සූදානමකින් තොරව තමන් විසින්ම ඇති කරගත් බිහිසුණු අර්බුදයට මුහුණ දුන්නේය. 2026 දී රජය — දෝෂ සහිත වුවත් — පූර්ව සූදානමක් සහිතව ගෝලීය අර්බුදයක් ඉදිරියේ ක්‍රියාත්මක වුණේය. සතියක් ඇතුළත ජනතා හඬට සවන් දී කෝටා සංශෝධනය කිරීම එම ප්‍රතිචාරශීලී බවෙහි එක් සාක්ෂියකි.

නමුත් මේ අර්බුදය අපට තියුණු පාඩම් තුනක් කියා දී ඇත:

පළමුව — ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම නොපමාව කළ යුතුය. එය මේ ආණ්ඩුවේ දේශපාලන පොරොන්දුවකි. එම ඉලක්කය සපුරා ගැනීමට තවදුරටත් කුසීත වුවහොත් මේ ආණ්ඩුව විනාශ වීමට එය පමණක් ප්‍රමාණවත්ය.

දෙවැන්න — සැපයුම් මාර්ග විවිධාංගීකරණයයි. අර්බුදයක් එනතුරු බලා නොසිට සෑම විකල්පයක්ම කළමනාකරණය කිරීමට දැන්ම ක්‍රියා කළ යුතුය.

තුන්වැන්න — දීර්ඝ කාලීන බලශක්ති ස්වාධීනත්වයයි. පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි බරක් තැබීමේ නිශ්චිත තීන්දුව තවදුරටත් මාෆියාකාර ජඩයින් ඉදිරියේ නැවැත්විය යුතු නැත. ඉන් නවතිනු ඇත්තේ ජාතියේ ඉදිරි ගමනය.

අපට අපේ ප්‍රමාණය තේරුම් ගන්නට අභියෝගයක් පැමිණිය යුතුය. අපේ නොහැකියාවන් සහ හැකියාවන් තේරෙන්නේ ඒ අභියෝගයන් කළමනාකරණය කරන විටය.

ලංකාවේම පැවති විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුව අපේ ක්‍රිකට් ගැන අධි තක්සේරුව බිඳ වැටුණේය. කළමනාකරණය කළ යුතු තැන් පිළිබඳව අවංක හෙළිදරව් වීම් සිද්ධ වූයේ ඉන් පසුවය.

මේ ඉන්ධන අර්බුදය ද එවැනිම කැඩපතකි.

ප්‍රශ්නය සරලය .  ලැබූ පාඩමෙන් ඉගෙන ගෙන වෙනස් වන්නට අපි සූදානම් ද?

එම සූදානම නැති සමාජයක මතුපිටින් සිදුවන දේශපාලන වෙනස්කම් කිසිදු පලක් නොදරනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැදියම් රැයේ සිට ඉන්ධන මිල ගණන් අහස උසට නගී!

Next Post

සිපෙට්කෝ මිල ඉහළ දැමීමත් සමඟ සිනොපෙක් සහ IOC මිල ගණන් ද ඉහළට – සිනොපෙක් ඩීසල් මිල රුපියල් 600ට ආසන්න වෙයි!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.