QR කේත භාවිතාකර ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය ආරම්භ කිරීමත් සමග මතුවී ඇති යම් යම් ප්‍රායෝගික ගැටලු අද (15) සවස් වනවිට නිවැරදි කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ මෙසේ දැක්වේ.
මීට පෙර QR කේතය ලබාගත් සහ දැනටත් එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු ගැටලුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැක.
වාහන හෝ දුරකථන අංක වෙනස් වී ඇති අයත්, අලුතින් වාහන මිලදී ගත් අයත් මුහුණ දෙන ගැටලු හදුනාගෙන ඒවා හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරමින් පවතී.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන්ට, කෘෂිකර්ම කටයුතුවලට ඉන්ධන සැපයීම ඇතුළු විශේෂිත ගැටලු සම්බන්ධයෙන් සවස් වරුවේ තීරණ ගෙන අද දිනය(15) තුළම ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත.







