බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යතුරුපැදි අනතුරින් තරුණයෙක් මිය යයි… ඔහු ගැන බලන්න යතුරු පැදියෙන් ගිය මිතුරන් තිදෙනෙක් අනතුරට ලක් වී එක් අයෙක් මිය යයි… අනෙක් දෙදෙනාට බරපතලයි!

by editor
පෙබරවාරි 22, 2026
in පුවත්
Accident
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පිටිවැල්ල පිංතාලිය හන්දිය අසලදි සිදුවූ රිය අනතුරකින් සිය සමීපතම මිතුරා බරපතල තුවාල ලද  බවටවූ ආරංචිය අනුව ඔහු ගැන සොයා බැලීමටගිය අනතුරට පත් තරුණයාගේ  මිතුරන් තිදෙනෙක්   ගමන් කළ යතුරුපැදිය දඩල්ල කනත්ත  අසලදී අනතුරට ලක් වී  එක් තරුණයෙක් මිය ගොස් අනෙක් තරුණයින් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

පිංතාලිය හන්දිය අසල අනතුරට ලක් වූ තරුණයා ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.  

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. 

රත්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් පිටිවැල්ල පිංතාලිය අසලදි වු අනතුරෙන් මියගොස්  අද අළුයම 22 හැවිරිදිවියේ පසුවන  දඩැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මිය ගියේය.

මොහු යතුරුපැදියකින් ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ගමන් කරමින් සිටියදි කොළඹ දෙස  සිට මාතර බලා ධාවනය වෙමින් තිබු පුද්ගලික බස්රථයක හැපිමෙන් මෙම අනතුර වි  ඇත.   

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

අද (22)  අළුයම 12.30ට පමණ  මෙම අනතුර සිදුවි ඇති අතර අනතුරෙන් තුවාල ලැබු තුවාලකරු ගාල්ල ජාතික රෝහලට  ඇතුළත් කිරිමෙන් පසු  අද (22) අළුයම මියගොස් ඇත. මෙම අනතුර සම්බන්දයෙන් පුද්ගලික බස්රථයේ රියදුරු  රත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය තරුණයා අනතුරකට ලක්වි ඇති බව දැනගත් ඔහුගේ මිතුරන්  තිදෙනෙකු යතුරුපැදියෙන් අනතුර වු ස්ථානයට ගොස් ඇත. ඔහු රෝහල්ගතකොට ඇති බව දැනගැනිමෙන් පසු මෙම තරුණයින් තිදෙනා යතුරුපැදියෙන් ගාල්ල ජාතික රෝහල වෙත ගමන් කරමින් සිටියදි  දඩැල්ල කනත්ත අසලින් ඇති මාර්ගයේ නවතා තිබු බස්රථයක තරුණයින් තිදෙනා පැමිණි යතුරුපැදිය ගැටි ඇත.  

එම අනතුරෙන් එක් තරුණයකු මියගොස්  ඇත. ඔහු 24 හැවිරිදිවියේ පසුවන ගිංතොට මහගෙදරවත්ත  ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබු අනික් තරුණයින් දෙදෙනා 18 හැවිරිදිවියේ පසුවන අතර ඔවුන් ගිංතොට හා දඩැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.   

මොවුන් බස්රථයේ ගැටි විනාඩි 30කට පමණ පසු ත්‍රි රෝදරථ රියදුරකු විසින්  අද අළුයම 1.30ට පමණ රෝහල්ගතකොට ඇති බැව් පොලිසිය පවසයි.

 මෙම අනතුරු පිළිබද ගාල්ල හා රත්ගම පොලිසිය  පරික්ෂණ පවත්වයි.

Share69Tweet43
Previous Post

තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්… වැඩි කළ වැටුප් දිගටම ලබා දෙනු ඇතිදැයි ෂුවර් නැතිලු!

Next Post

කවුද ඩෝ අපේ සිංහ පැටවුන්ට කඩප්පුලි කතා කියන එකා…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.