බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

by editor
පෙබරවාරි 12, 2026
in විද්‍යා හා තාක්ෂණ
Gen-Z-Vs-Gen-Y
Share on FacebookShare on Twitter

වෛද්‍ය නීතිඥ පාලික බණ්ඩාර සුභසිංහ
නීති වෛද්‍ය නිලධාරී, ශික්ෂණ රෝහල පේරාදෙනිය

  • මිනිස් ඉතිහාසයේ පළමු වරට පෙර පරම්පරාවට වඩා නව පරම්පරාවේ බුද්ධිය විශාල ලෙස හැකිලී ගිහින්…

තාක්ෂණය දියුණු වීම තුළ 1997 සිට 2012 දක්වා කාලය තුළ  ඉපදුනු අලුත් පරම්පරාව ( Gen Z ) ඊට පෙර පරම්පරාව වූ “මිලේනියම්” (Gen Y )  එනම් ඔවුන්ගේ දෙමාපියන් අයත් වන පරම්පරාවට වඩා බුද්ධි මට්ටම අතින් ඉතා පහල තත්වයක ඇති බවට නවතම අමෙරිකානු සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත් වූ ස්නායු විද්‍යාඥ  ( Neuroscientist ) සහ අධ්‍යාපනඥ ( Educator )  ආචාර්ය  ජාඩ් කුනි ( Dr. Jared Cooney)  විසින් එක්සත් ජනපදයේ වාණිජ ,විද්‍යාත්මක සහ ප්‍රවාහනය පිළිබඳ ස්ථාවර සෙනට් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දක්වා ඇත.

මෙහිදී ඔහු අවධාරණය කරන්නේ මිනිස් ඉතිහාසය ආරම්භයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට සිදුවෙමින් පැවති බුද්ධි වර්ධනය  ( Flynn effect ) Gen z පරම්පරාවේ සිට පසුපසට ගමන් කරන බවයි.

හේතුව කුමක් ද?

තාක්ෂණික දියුණුව අධ්‍යාපනයට ද යොදා ගැනීම හේතුවෙන් සහ ඩිජිටල් කරණය නිසා මේ පරම්පරාවේ පුද්ගලයන් තුළ භාෂාමය, ගණිතමය, සංජානන හැකියාවන් මෙන්ම තාර්කික හැකියාව සහ ගැටලු විසඳීමේ හැකියාවද පූර්ව පරම්පරාවට වඩා බෙහෙවින් අඩු බව මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ.

මිනිස් පරිණාමයේදී බුද්ධිය වර්ධනය වීම සිදු වන්නේ සිදු වන්නේ මුහුණට මුහුණ සිදුවන අන්තර් ක්‍රියාවන් මගිනි. නමුත් ඩිජිටල් තිර මෙම ක්‍රියාවලියට බාධා පමුණුවා ඇත. මෙම පරපුර සිය කාලයෙන් විශාල ප්‍රමාණයක් මිඩංගු කරන්නේ ඩිජිටල් තිර ඉදිරියේය. මේ හේතුවෙන්ම ඔවුන්ට යමක් වෙත දිගටම අවධානය යොමු කිරීමේ, ග්‍රහණය කිරීමේ සහ මතක තබා ගැනීමේ හැකියාවන් දුර්වල වේ.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජෛව විද්‍යාත්මකව මිනිසා සකස් වී ඇත්තේ තවත් පුද්ගලයෙකුගෙන් දැනුම ලබාගෙන ඒ පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කොට නව දැනුම සොයාගැනීමයි. නවීන තාක්ෂණයම ගැටලුවක් වන විටක එය භාවිතයෙන් අධ්‍යාපනය ලබන්නාට සිය බුද්ධියෙන් ගැටලු විසඳීමේ හැකියාව නොලැබේ.

ඇමෙරිකාව තුළ පමණක් නොව අධ්‍යාපනය පුළුල් ලෙස ඩිජිටල් කරණය කළ ලොව පුරා රටවල් 80 කට අධික ප්‍රමාණයක මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ආචාර්ය ජාඩ් කුනි තවදුරටත් පවසා ඇත.

මෙම තත්ත්වය තහවුරු කරමින් Times of india  පුවත්පත සඳහන් කරන්නේ ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල විසින් මෑතක සිට සිය විෂයමාලා  වත්මන්  ශිෂ්‍යයන්ට ගැලපෙන පරිදි ලිහිල් කොට ඇති බවය.

වර්තමානයේ වයස 14 සිට 30 දක්වා වන පරම්පරාව මෙලෙස මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට “බුද්ධි හැකිලීමක් “ ප්‍රදර්ශනය කරන අතර තාක්ෂණය ඊට වඩා දියුණු , විශේෂයෙන්ම කෘතිම බුද්ධිය ,රොබෝ තාක්ෂණය ඉතා දියුණු තත්ත්වයක් තුළ මින් පසු පරම්පරාව වන 2012 වසරෙන් පසු ඉපදුනු Gen alpha පරම්පරාවට අයිති ඔබගේ දරුවාද මේ අයුරින්ම ඔබට වඩා බුද්ධියෙන් අඩු දරුවෙකු වීමේ ප්‍රවණතාවය පවතී.

විශේෂයෙන්ම දරුවන්ට අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය  මෙන්ම ඩිජිටල් උපකරණ හඳුන්වා දීමේ අහිතකර ප්‍රතිවිපාක දියුණු රටවල් වලින්ම ප්‍රකාශ වෙද්දී ඔවුන් ඒවා දරුවන්ගෙන් ඈත් කිරීමට පියවර ගනිමින් පවතී.

ඇස් වලට, මොළයේ ක්‍රියාකාරීත්වයට, බෝ නොවන රෝග වලට, ඉරියව් සහ කොඳුරට පෙළ ආබාධයන්ට හේතුවන මෙන්ම   පුද්ගල අන්තර් ක්‍රියාවන්ට සහ සබඳතාවලට , සමාජානුයෝජනයට , මානව  ගුණධර්ම වලට බෙහෙවින්  අහිතකර තත්ත්වයන් මෙම තාක්ෂණය මගින් ඔබගේ දරුවාට ද උරුම කර දෙනු ඇත.

මේ තත්ත්වය අත්දකින රටවල් බොහොමයක් ඉන් මිදීමට කටයුතු කරද්දී අපේ දරුවන් ඒ තුළට බලහත්කාරයෙන් තල්ලු කිරීමට වැඩිහිටියන් වන අප දුර දිග නොබලා කරන උත්සාහය අපේම දරුවන්ට පාරාවලල්ලක් වීම වැළැක්විය නොහැක්කක් වනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ ඓතිහාසික පනතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකමතික අනුමැතිය!

Next Post

යුද හමුදා ලොක්කෙකුට හමුදාවෙන් ලබා දී ඇති රථයක් පුෂ්පදාන බාලිකාවේ ගේට්ටුව කුඩු කර මුරකරුට තුවාල සිදුකරලා… රථය පැදවූයේ කාන්තාවක්දැයි සැකයක්…

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුමට උත්තරයක් ලැබෙයි… අලින්ට වැට බඳින මී මැසි වැටක් රුහුණු විශ්වවිද්‍යාලය සාර්ථකව හඳුන්වා දෙයි… ( වීඩියෝ සහිතයි )

නොවැම්බර් 16, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.