මනම්පිටිය නිමල් ජයරත්න –
වැලිකන්ද ප්රාදේශය සභා බල ප්‍රදේශයේ වසර ගණනාවක් දේශපාලන ආධාරකරුවන් සහ හිතවතුන් විසින් පවත්වාගෙන ගිය සියලු වැලි කැණීම් බලපත්‍ර සහ මංකඩ සභාවට පවරාගෙන, හරිත මංකඩ වැලි කැණීම් ව්‍යාපෘතිය යටතේ වැලිගොඩ දැමීමට අනුමැතිය ඉල්ලා වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ඩබ්ලිව් වසන්ත විසින් අද (10) පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී ගෙනා කෙටුම්පත සියලු පක්ෂ විපක්ෂ සභිකයෝ ඒකමතිකව සම්මත කළහ.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී දෙදෙනකු වූ ප්‍රියන්ත ප්‍රේමදාස සහ ජයලත් ගුණසිංහ සඳහන් කළේ මීට පෙර වැලිමංකඩ පවත්වාගෙන ගිය අයවලුන්ටත් වැලි මංකඩවල අයිතියක් හා අවස්ථාව ලබාදී මෙම හරිත මංකඩ ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රදේශයේ මහා සංඝරත්නයද දැනුවත් කිරීමෙන් අනතුරුව තමන් ඊට එකඟත්වය පළ කරන බවය.

ඒ අනුව මොණරතැන්න,බෝවත්ත,වැලිකන්ද,වඩමුනේ, හා කුඩාඔය යන ප්‍රදේශවල පෞද්ගලික මංකඩලාභින් විසින් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය වැලිමංකඩ 112 ක් සභාවට පවරාගෙන ඉන් ලැබෙන විශාල ආදායමින් ප්‍රදේශයේ සංවර්ධනයට සහ ජනතාවගේ සුබ සාධන වලට යොදා ගන්නා බවට කෙටුම්පත සභාවට ඉදිරිපත් කරමින් වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ඩබ්ලිව්. වසන්ත සඳහන් කළේය.
මෙතෙක් වැලිගොඩ දැමූ මංකඩලාභීන් විසින් ප්‍රදේශයේ ගංගා සහ ඉවුරුවලට දැඩි හානියක් කර පරිසර විනාශයක් සිදුකර ඇති බවත්, සභාව මගින් ඉදිරියේදී ක්‍රියාවට නන්වන හරිත මංකඩ ව්‍යාපෘතිය හරහා බෝවත්ත, ප්‍රදේශයෙන් වැලිකියුබ් තුනක් රුපියල් 36,750 කටත් වැලිකන්ද ප්‍රදේශයේ මංකඩවලින් කියූබ් තුනක් රුපියල් 32390 කට ලබාදීමේ හැකියාව පවතින බවත් සභාපතිවරයා මෙහිදී කීය.
හරිත මංකඩ ව්‍යාපෘතිය යටතේ වැලිමංකඩ ලබාදීමේදී ප්‍රදේශයේ අයවලුන්ට ප්‍රමුඛත්වය ලබාදී, වැලිගොඩ දමන කම්කරුවෙකුට කියුබ් එකක් සඳහා රුපියල් 5000 ක ගෙවිමක්ද, වැලි ගොඩදමන කාන්තාවන්ට වෙනම සුබ සාධන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා මෙහිදී පැවසීය.
ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානය සහ පොදු කටයුතු වලදී වැලි ලබාගැනීම සඳහා පොදුවේ වෙනම මංකඩක් ආරම්භ කරන බවත්, වැලි ගොඩදමන කම්කරුවාට රක්ෂණ රැකවරණයක්, ආහාරවේලක්, උදෑසන කඩල, කව්පි, මුං ඇට බෙලිමල් වතුර ලබාදී ඔවුන්ට ගෞරවය සහිතව වෘත්තීය කිරීමට මේ යටතේ හිමිවන බවද සභාපතිවරයා කීවේය.
වැලිගොඩ දමන කම්කරුවන්ගේ ගෞරවය රැකෙන පරිදි වෘත්තීය වටිනාකමක් ලබාදී, හොඳම වැලිගොඩ දමන පුද්ගලයා සහ මංකඩලාභියා තෝරාගෙන ඔවුන් ඇගයීමේ වැඩපිළිවෙළක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කර සියලු ක්‍රියාවලිය පිළිබඳ මාසිකව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට මේ යටතේ කටයුතු කරන බවද සභාපතිවරයා සහතික වුනේය.
ප්‍රදේශයේ මීට පෙර වැලිගොඩ පුද්ගලයන් සියලු දෙනාට හරිත මංකඩ ව්‍යාපෘතියේ කොන්දේසි වලට යටත්ව වැලිගොඩ දැමීමට අවස්ථාව ලබාදෙන බවත්, ඊට එකඟ නොවී, මාධ්‍ය සාකච්ඡා පවත්වා, බාධාවන් සිදු කරමින් ව්‍යාපෘතිය අසාර්ථක කිරීමට උපක්‍රම යොදන්නේ නම් ඊට සභාවක් ලෙස ප්‍රති උත්තර දෙමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධන ක්‍රියාවලියට උපරිම කැප කිරීම් සිදුකරන බවත් ප්‍රාදේශීය සභා සභපති ඩී.ඩබ්ලියු වසන්ත අවධාරණය කළේය.
ඌණ සංවර්ධිත ප්‍රදේශයක් බවට පත් වී ඇති වැලිකන්ද බල ප්‍රදේශය ගොඩනැගීම සඳහා හරිත මංකඩ ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට තමන්ගේ උපරිම දායකත්වය සහ සහයෝගය ලබාදෙන බවත්, යම් අකටයුත්තක් සිදුවේ නම් නොපැකිලව ඊට විරෝධය දක්වන බවත් මෙහිදී විපක්ෂ මන්ත්‍රීවරු සඳහන් කළහ.







