තමන්ව කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස බලකරමින් ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසය අද (29) සිව්වන දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
වසර 7ක කාලයක් පුරා, විශේෂයෙන්ම කොවිඩ් වසංගත සමයේදීත් ගුරු හිඟය පවතින අවස්ථාවලදීත් පාසල් පද්ධතිය තුළ සක්‍රීයව ඉගැන්වීම් කටයුතු කළ තමන්ට සාධාරණය ඉටු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
පසුගිය ජනවාරි 26 වනදා සත්‍යග්‍රහයක් ලෙස ඇරඹි මෙම විරෝධතාව, බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් එදිනම පස්වරුවේ මාරාන්තික උපවාසයක් දක්වා දැඩි කෙරිණි.
අද උදෑසන වන විට උපවාසයේ නිරතව සිටි තවත් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ වීම හේතුවෙන් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
මීට පෙරද උපවාසයේ නිරතව සිටි කාන්තාවක රෝගී වීමෙන් රෝහල් ගත කළ අතර, මේ වන විට තවත් දෙදෙනෙකු සිය ජීවිත අවදානම නොතකා උපවාසය අඛණ්ඩව ඉදිරියට ගෙන යති.







