-
අද නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නැති බව පොලිසිය අධිකරණයට කියයි…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළ පැමිණිල්ල යළි ජූලි මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.
මෙම පැමිණිල්ල අද (29) කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, මෙම සිද්ධියට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවය.
ඒ අනුව පැමිණිල්ල යළි ජූලි මස 30 කැඳවීමට නියම කළ මෙහෙස්ත්රාත්වරයා එදිනට නීතිපති උපදෙස් පිළිබඳ ස්ථාවරය දැනුම් දෙන ලෙස නියම කළේය.
සමාගමක් පවත්වාගෙන ගොස් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස අයතා ලෙස උපයාගත් මුදල් විශුධිකරණයට ලක්කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් 2016 වසරේ ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය පැවැත් වේ. – ( අද දෙරණ )







