ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනාගත ක්‍රීඩකයන් බිහි කිරීම සඳහා ප්රමුඛ පෙළේ ක්‍රිඩා සමාජවලට මුදල් වෙන් කිරීම අනිවාර්ය කර තිබියදීත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය එම කටයුත්ත පැහැර හරිමින් සිටින බව ලංකාසරට වාර්තා වේ.
සාමාන්‍යෙයන් ක්‍රිඩා සමාජ සඳහා මෙම මුදල් කොටස් වශයෙන් ගෙවුවද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තුන්වැනි කාර්තුව සඳහා වන ගෙවීම් පැහැර හරිමින් සිටින බැවින් එයින් සිය සමාජ අපහසුතාවට පත්ව ඇති බව සඳහන් වේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ඒවායේ ප්රමුඛ පෙළ ( First Class ) ක්‍රීඩා සමාජ බලා ගැනීම ඒ ඒ රටවල වගකීමක් වන අතර අනාගතයට ක්‍රීඩකයන් බිහි කිරීමට තිබෙන ආසන්නතම ක්‍රිකට් තරගාවලියට සහභාගි වන්නේ එම ප්රමුඛ පෙළ ක්‍රීඩා සමාජ නිසාය.
ලංකාසර වෙත අදහස් දැක්වූ ක්‍රීඩා සමාජ රැසක නිලධාරීන් පැවසුවේ මේ වන විට පැවැත්වෙන ප්රමුඛ පෙළ ඒ හා බී කොටසේ තරග සඳහා තමන්ට සහභාගි විය නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බවයි.ඒ මෙම තරගාවලි සඳහා ක්‍රිකට් ආයතනය මගින් ලබා දෙන මුදල් ඔවුන් විසින් දිගින් දිගටම ගෙවීම පැහැර හරිමින් සිටීම නිසා බව ඔවුහු පවසති.
ක්‍රීඩාංගණ වෙන් කරවා ගැනීම, තරග වියදම්, ක්‍රීඩකයන් සඳහා ගෙවීම් වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමට තමන්ට සිදුවන බව පවසන මොවුන් මේ සඳහා කොටස් වශයෙන් ගෙවන තුන් වැනි කාර්තුවේ මුදල නොගෙවීම නිසා ඉදිරි තරග වලට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.







