දිනසේන රතුගමගේ –
ඉදිරි සති දෙක ජනතාව වඩාත් සුපරීක්ෂාකාරීව හා දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනයේදී පැවසීය.
යුදහමුදාපතිවරයා යාපනයට පැමිණියේ යුද හමුදාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරණ ලද වඩුක්කෝඩේ උප්පුවෙලිකුලම් වැව ජනතාව අතට පත්කිරීම සදහා පළාතේ ගොවි සංවිධාන විසින් සංවිධානය කළ උත්සවයට සහභාගී වීම සදහාය.
යුද හමුදාපතිවරයා අනතුරුව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.
තවදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා සදහන් කළේ උතුරේ ජනතාව කොරෝනා පලමු රැල්ලේ සිට මේ දක්වාම සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ ක්‍රියාදාමයන් ඉතා මැනවින් අනුගමනය කිරීම නිසා යාපනය ඇතුළු උතුරේ කොරෝනා රෝග පාලනය මැනවින් සිදු කිරීමට හැකි වූ බවයි.
මේ සම්බන්ධයෙන් යාපනය ඇතුළු උතුරේ ජනතාවට ස්තූතිය පුද කරණ බවද යුද හමුදාපතිවරයා පැවසීය.
කොරෝනා ආසාදනයෙන් ජනතාව ආරක්ෂා කිරීම හමුවේ ජනතාවට බලපෑමක් නොවන පරිදි සෞඛ්‍ය සීමාවන් කිහිපයක් අනුගමනය කරණ බවත් ඒ වෙනුවෙන් සියළුම තැන් හුදෙකලා නොකරන බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කළ අතර ඊට මහජනතාවගේ පූර්ණ සහය අවශ්‍ය බවත් කියා සිටියේය.
මේ අවස්ථාවට යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඇතුළු තවත් යුද හමුදා නිලධාරීන් රැසක් සහභාගී වූහ.