කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් ඉතිහාසයේ අත් අඩංගුවට ගත් වැඩිම මතද්‍රව්‍ය තොගය අද ( 06) අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ රුපියල් කෝටි 50ක වටිනා කමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක තොගයකි.
මීට පෙර කටුනායක ගුවන්තොටුපොළ තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස වාර්තා ගත වී තිබුණේ ඉකුත් වසරේ වෙසක් පෝය දින බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක විසින් රැගෙන ආ කිලෝ ග්‍රෑම් 46ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයයි.
ගමන් මලු 03ක් තුළ කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 100 කට අධික බරකින් යුතු ඇසුරුම් 48ක් තුළ, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක ප්‍රමාණය අසුරා සඟවා රට තුළට රැගෙන එන්නට උත්සාහ කර ඇත්තේ මුම්බායි නුවර පදිංචි ඉන්දීයානු පිරිමියෙක් සහ කාන්තාවන් දෙදෙනෙකි.
අද උදෑසන 11.07ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි මෙම තිදෙනා ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන ඇත්තේ හරිත මාවත ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කරද්දීය.
මෙම පිරිමි පුද්ගලයා මුම්බායි නුවර දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නෙක් වන අතර කාන්තාවන් දෙදෙනා 25 හැවිරිදි සහ 31 හැවිරිදි වියේ පසුවන මුම්බායි නුවර සේවය කරන පාසල් ගුරුවරියන් දෙදෙනෙකු බව සඳහන් ය.
මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා සමඟ විවාහ වී සිටින අතර අනෙක් කාන්තාව ඔහුගේ නැගණිය බව සඳහන් වෙයි.
ඔවුන් වෙත බැංකොක් සවාරියක් දෙන බවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී, මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බව රේගු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 100 කට අධික බරකින් යුතු ඇසුරුම් 48ක් තුළ, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක ප්‍රමාණය අසුරා සගවා තිබී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ඉන්දීය ජාතිකයන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .







