බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි වැට කුඩු කරන සද්දන්තයන් මන්තර බලෙන් මෙල්ල කරන  වෙදමහත්තයා…

by editor
දෙසැම්බර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • මේ කෙම් ක්‍රම, ශාන්තිකර්ම අපේ සංස්කෘතික උරුම… දැන් ඒවා මියෑදිලා ගිහින්…

  • මන්තරයක් කට පාඩම් කර ගත්තට අලි එලවන්න බෑ… ඒක භාෂා වික්‍රමයක්…

  • ස්වයං විශ්වාසයක් ආත්ම ශක්තියක් ඇති වෙන්න ඕන… එය පුහුණු කළ යුතු තත්වයක්…

පසු ගිය මාස් කන්නයේ අපේ ප්‍රදේශයේ වෙල්‍ යායේ අක්කර ගණනාවක් වල් අලි හානි කලා.  කෘතිම උපක්‍රම කොතෙක් පාවිච්චි කලත් ඒ හැම එකක්ම අසාර්ථක වුනා. ඒ අතරෙ තමයි රෑ 9.30ට විතර මට කෝල් එකක් ආවෙ. කුඹුරු අයිතිකරුවන් ගෙ අවසාන උත්සාහය වුනේ මා ලවා අලි පන්නා දැමීම. මං ඊට ඉදිරිපත් වුනා. එදා වෙල් යායෙ අලි 25ක් 30ක් හිටියා. මම ඔවුන් ඉස්සරහට ගිහින් මන්තර ජප කරල අතට පිඹලා   වේගයෙන් අත් පුඩි ගැසුවා. ඒ අත් පුඩි ත් සමඟ විසිරෙන ශබ්ද තරංගවලට යම් ශක්තියක් මුසු වෙනවා. එතකොට අලි ආපහු හැරෙනවා. එදා එතැන කුඩා අලි පැටවෙක් හිටියා. අලි රංචුව  ඒ අලි පැටවත් අමතක කරලයි ආපහු හැරුනේ…..”  යනුවෙන් lankasara සමඟ පැවසුවේ මන්තර ජප කරමින් වල් අලි එලවා දැමීමට සමත් පාරම්පරික වෙදදුරෙකුවන පී.ජී.එම්.සී.අතුල කුමාරය.

“අලි මිනිස් ගැටුම” වර්තමානයේ ප්‍රභල සමාජ කතිකාවක් ඇති කළ මාතෘකාවකි. එම ගැටුම සමතයකට පත්වන දිනය  සිතාගැන්මට පවා අසීරුය. එවන් වාතාවරණය ක් තුළ මන්තර කියා අලි පන්නන මේ  අපූරු මිනිසා සොයා යන්නට lankasara අපි තීරණය කලෙමු.

පී.ජී.එම්.සී.අතුල කුමාර

අලි මන්තර

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

“අපේ  පැරණි මුතුන් මිත්තෝ තම තමන්ගෙ වගා භූමි ආරක්ෂා කර ගැනීම සඳහා නිරන්තරයෙන් අපේ සංස්කෘතික උරුමයක් වුන යාතු කර්ම විශේෂයක් භාවිතා කළා. අලින්ම විතරක් නෙමෙයි.  වලසුන්, කොටින්, කුළුහරක්, සර්පයින්, නයි පොළොන්ගු පලවා හරින්න මේ යාතු කර්ම භාවිතා කරල තියෙනවා.  ඒ අතරින් අලියන් එලවා දැමීමට “අලි මන්තර” භාවිතා කළා.

“අලි මන්තර විවිධ භාෂාවලින් භාවිතා වෙලා තියෙනවා . මලයාලි මන්තර, කුල්ලු මන්තර , වයිනඩි මන්තර, පාලි භාෂාවෙන් භාවිතා කරන බුද්ධ මන්තර ආදී වශයෙන්  විවිධ කොටස්වලට බෙදන්න පුලුවන්“

ඔහු පැවසුවේ අලි මන්තර යනු කුමක්දැයි අපට තේරුම් කර දීම සඳහාය…

අලි මන්තර භාවිතා කරන්නේ මෛත්‍රීය පෙරදැරි කරගෙනද .  නැතිනම් එයට අරමුණු වන්නේ කුමක්දැයි  අපට ඇතිවූ  ගැටලුව විසඳා ගැනීමට සිදු වූ අවස්තාවක ඔහු සෘජු පිළිතුර ක් දුන්නේ එය අපූරු ලෙස පැහැදිලි කරමිනි

භාෂා වික්‍රමය

“නැහැ අලි මන්තර කිසිසේත්ම මෛත්‍රීය පෙරදැරිව සිදුවන්නක් නොවේ. මන්තර ජප කිරීම තුළ තියෙන්නෙ භාෂාමය වික්‍රමයක්. සිංහල භාෂාවේ තිබෙන ස්වර හා ව්‍යංජන උච්චාරණය සඳහා  භාවිතා කරන ලඝු ගුරු ස්වර සූක්ෂම ලෙස වෙන් කරලා  පංච මහා භූත ශක්තීන්ට වෙන්කරපු අක්ෂර, ඒ කියන්නෙ තේජෝ අක්ෂර, ආකාශ අක්ෂර ආකාර ආදී වශයෙන් ගත් විට තේරුමක් නැති වුනත් ගුප්ත විද්‍යාවට අනුව ශබ්ද ශක්තීන් උපදිනවා.

සමහර වචනවල නිශ්චිත තේරුමක් හොයන්න බැහැ. ක්‍රාම්… ක්‍රීම්… ග්‍රීන් වැනි ශබ්දවල  තේරුම හරියටම විශ්ලේෂණය කරල බැලුවොත් ඇත්තටම ඒ වචනවලට කිසිම තේරුමක් නෑ . නමුත් ඒ වචන උච්චාරණය කරන ක්‍රමය අනුව ඒ තුළින් යම් ශක්තියක් උපදිනවා. ඒ ශබ්ද ධ්වනියත් එක්ක අලින්ගෙ කනට අධි කම්පනයක් ඇති කරවනවා. වායුගෝලය හරහා ගිහින් එය කන වැකුනාම අලින්ට එය දරාගැනීමට නොහැකි ශබ්ද ඝෝෂාවක් බවට පත් වෙනවා. හිස් ලූ ලූ අත දුවනවා. ඒ උපක්‍රමය හැර මෛත්‍රීයක් නම් පෙරදැරි වෙන්නෙ නැහැ.. “ යැයි ඔහු සිනාමුසු මුහුණෙන් පැවසුවේය…..

ඔහුගේ පිළිතුර ට අනුව “අලි මන්තර කට පාඩම් කරගෙන ඕනම කෙනෙකුට අලි එලවා දමන්නට පුලුවන්දැ’යි යන ගැටලුව අපට පැන නැගුනි.

“කිසිසේත්ම බෑ. අලි මන්තර ඕනම කෙනෙකුට ජප කරන්න බෑ.  ඒකට විවිධ හේතු තියෙනවා . මන්තර කට පාඩම් කර ගත්ත පමණින් ඒවා උච්චාරණ විධි හසුකර ගැනීම හැමෝටම කරන්න බැහැ. අනික මෙම ශාස්ත්‍රය ගැන කෙනෙක් තුළ තියෙන විශ්වාසය ඉතාම වැදගත්. ඒවගේම තමයි මේක ගුප්ත ශාස්ත්‍රයක්. ගුරු මුෂ්ටි සහිත ශාස්ත්‍රයක්. ඒක සෑම මන්තර වර්ගයකටම අදාලයි. ලැබුන පමනින් ඇසු දුටු පමණින් වැඩ ගන්න බෑ. සමහර පියවරු පවා තමන්ගෙ පුතාටවත් මේ ශාස්ත්‍රය සම්ප්‍රේක්ෂණය කරන්න මැලිවුන අවස්ථා තියෙනවා.“

“මේ මන්තර ශාස්ත්‍රය ට අවතීර්ණ වන කෙනෙක් ඉතාම ඉවසිලිවන්තයෙක් විය යුතුයි. නැත්නම් තමාටම ඒ තුළින් හානි පැමිනෙන්න පුලුවන් . අධික විශ්වාසය මත මේ මන්තරවල තියෙන සත්‍යතාව තමන්ටම දැනෙන්න පටන් ගන්නවා. ඒ සවයං විශ්වාසය උඩ තමයි අලි පන්නා දැමීම සිදු වන්නේ. එය හිතුමතේට කරන්න බෑ. පූර්ව සූදානම ඉතාම අවශ්‍යයයි. හිස් වැසුම්, පාවහන් පළඳින්න බෑ. මහ පොළොවට තමාගේ යටි පතුලත් ආකාශයට තමාගේ හිසත් නිරාවරණය වෙන්න ඕන. ඒවායින් වියුක්ත වුනොත් මන්තර බල හීන තාවයට පත් වෙනවා…“

අලි වැටවල් හෝ අලි පලවා හරින වෙනත් ක්‍රම නොතිබුන වකවානුවක අපේ මුතුන්මිත්තන්   අලි පලවා හරින්නට භාවිත කලේ මේ මන්තර ක්‍රමය දැ’යි අප ඇසූ පැනයට ඔහු පිළිතුරු දුන්නේ මෙසේය.

අලින් විසින් වැනසූ කුඹුරක සිට…

අතීත කෙම් ක්‍රම

“ අතීතය ගැන කියන්න නම් විස්තර ගොඩක් තියෙනවා. ඒ කාලෙ තිබුනෙ ගමයි පන්සලයි වැවයි දාගැබ යි සංකල්පය. ඒ අනුව වැව පාමුල තමයි පොල් වගා කෙරුනේ. ඒ පොල්වතුවලටත්, වෙනත් වගා භූමිවලටත් ගල් මතුරා දැමීම ඒ කාලයේ සිදුවෙලා තියෙනවා . එතකොට මුළු වගාවම සතුරු උවදුරුවලින් ආරක්ෂා වෙනවා. ගල් මතුරා සීමාවට දැමීම, යන්ත්‍ර ගස්වල බැඳ සීමා ලකුණු කිරීම..,කොල අතු මතුරල සතර කොනේ එල්ලීම වගේ දේවල් ඒ කාලෙ සිද්ධ වුනා…

තවත් විශේෂ ක්‍රමය ක් තිබුනා…මන්තර ජප කරලා යමකාල සිංහ කර්ණය කියන නැකතෙන් කපා බිම හෙලන ගස් වගා බිම සතර කොන ඉදි කරනවා .ඒ ගස් කණු දිරන තුරු අලි වගා භූමිය ට එන්නේ නැහැ..”

ඒ විතරක් නෙමේ…මේ මන්තර බලයෙන් සතුන් විනාශ කිරීම වුනත් කරන්න පුලුවන් ..කෑ මොර දීල වැටෙන්න. ..හෝ අලියන් විවිධ ලෙඩ රෝගවලට පාත්‍ර කරන්න මේ මන්තර භාවිතා කරන්න පුලුවන් .නමුත් අපේ පාරම්පරික මුතුන්මිත්තෝ එවැනි මන්තර “පාඩම් නොකල යුතු මන්තර “ලෙස හදුන්වල තියෙනවා .ඒ මන්තර කට පාඩම් කරන අවස්තාවේ  කෙළ ගිලීම පවා හානිදායක බව සඳහන් වෙනවා.”හස්ති ස්ථම්භන “මන්තරයෙන් අලි හිටි ස්ථානයේ ම ගල් ගසා තබන්න පුලුවන් .”හස්ති දැපෙන”මන්තරයෙන් ගවයන් තරමට අලි හීලෑ කරගන්න පුලුවන් .

අපේ මුතුන්මිත්තෝ හස්ති ස්ථම්භන මන්තර භාවිතා කරල කැලෑ සීමාවෙ එක් ප්‍රදේශයකට අලි ගාල්  කරල තමාෆේ වගා කටයුතු සිදු කර ගත්ත ..වගාවේ අස්වැන්න නෙලනතුරු අලි ඒ ප්‍රදේශය ට එන්නෙ නැහැ..තමාගෙ සීමාවෙ ඉන්නවා .මේ සියල්ල කලේ ප්‍රසිද්ධියේ නෙමෙයි .රහසක් විදිහට ..උරුමයක් විදිහට රැක ගත්ත …

වයස අවුරුදු 45ක් වූ මේ වෙදදුරු මහතා මේ ශාස්ත්‍රය ට නැඹුරු වූ ආකාරය දැන ගැනීමේ කුතුහලයෙන් අපි නොඉවසිලිමත් වූවෙමු….

“මගේ පරම්පරාවෙ මුතුන්මිත්තෝ මේ ශාස්ත්‍රයෙ උරුම කරුවෝ..නමුත් මගෙ මුත්තා..සීයා..පියා මේ ශාස්ත්‍රය පාවිච්චි කලේ නෑ ..නමුත් දැනගෙන හිටියා.ඔවුන් ළඟ තිබුන පුස්කොළ පොත් දැක්කම මගේ කොලුකමට මට කුතුහලය ඇතිවුනා.මං ඒවා පරිශීලනය කරද්දි මගෙ තාත්තා මට අවශ්‍ය දිරිය දුන්නා ..ශබ්ද උච්චාරණය ගැන, නිවැරැදිව ..අපූරුව ට කියල දුන්නා ..කුතුහලය හා අත්හදාබැලීම් එක්ක තමයි මං මේ ගැන පරිනත භාවයට පත් වුනේ

මේ වෙදදුරා දුටු පමනින් අලි ආපසු හැරී දුවන බවට ප්‍රදේශයේ බොහෝ දෙනා පැවසූ නිසා ..අපි එතුමාගේ අත්දැකීම් පිළිබඳව විමසුවෙමු………..

අත්දැකීම් නම් කෙලවරක් නෑ ..මේ වන්නියෙ  වී අස්වනු නෙලීමෙන් පස්සෙ ඒවා දවල්ට තද අව්වෙ වේලගන්න ඕන . .නමුත් හවසට ඒවා ගොඩ අරගෙන ආපහු පහුවදා ට අව්වට දාන්න ඕන ..ඒක එහෙම කරන්න වෙන්නෙ රෑට අලි කරදර නිසා…අනික කන්නක වී වේලනවා කියන්නෙ හරිම අමාරු වැඩක්…..නමුත් මොන අලි ගම් වැදුනත් මං මගේ වී රෑට ගොඩ දාන්නෙ නෑ .හැබැයි කවදාවත් මගෙ වී ගොඩට එක අලියෙක් ලංවෙලා නෑ ….මේ ප්‍රදේශයේ හැමෝම ඒක දන්නවා ……

ආයෙත් දවසක්  ගමේ පන්සල ළඟදි රෑ 9.00ට විතර මගෙ ඉස්සරහ ට රංචුව ක් ආවා…මං මන්තර ජප කරන්න ත් කලින් අලි ආපහු හැරුනා..ඒකට හේතුව ඒගුප්ත ශාස්ත්‍රය මගේ ශරීරය ට පවා ආසක්ත වෙලා තිබීම.විශ්වාසය ,ඉවසීම,මේ සියල්ල එක්ක තමා තුළ ගොඩනැගෙන ස්වයං විශ්වාසය ඒ සඳහා බලපානවා..”

වර්තමානයේ පවතින අලි මිනිස් ගැටුම සමනය කිරීම  වෙනුවෙන් මෙම ක්‍රමය භාවිතයට ගත හැකි නොවේදැයි …අපි කල්පනා කලෙමු…..නමුත්..ඔහුගෙන් ලැබුනේ අපූරු පැහැදිලි කිරීමකි…..

“මේ ක්‍රමය එහෙම භාවිතයට ගන්න බැහැ.ඒක ට විශේෂ හේතු තිබෙනවා .මේ ගුප්ත ශාස්ත්‍රය භාවිතා කල යුත්තෙ රහසක් විදිහට.සඟවා ගත් උරුමයක් විදිහට ..ඒවායෙ ගුප්තමය ස්වභාවය ප්‍රචලිත නොකරන්න අපේ මුතුන්මිත්තෝ වග වලා ගත්ත.නියම විදිහට මේ ශාස්ත්‍රය භාවිතා නොකලොත් ඒකෙ අනතුර අදාළ පුද්ගලයා වෙතම ළඟා වෙනවා.ඒ විතරක් නෙමේ ..දැන් තියෙන්නෙ තාක්ෂණික ලෝකයක්…..ඒ වටපිටාව එක්ක මේ ශාස්ත්‍රය අභාවයට යබ එක වලකන්න බැහැ….අවංක උනන්දුවකින් ..උවමනාවකින් මේවට නැඹුරු වෙන අය නෑ .  සමහර විට මගෙන් පස්සෙ අපේ පරම්පරාවෙ මේ උරුමය සැඟවිලා  යාවි.

ඔහු සිනාමුසු මුහුනෙන් පැවසූ ඒ කාරණය අපට සිතන්නට බොහෝ ඉතිරි කළේය………ඒ සිතිවිල්ලෙන්ම අපි ඔහුට සමුදුන්නෙමු……

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කරාපිටියේ රෝහලේ පිළිකා රෝගීන් 4කට කොවිඩ්.. නව ඇතුළත් කරගැනීම් නවතී…

Next Post

උතුරේ සියළුම එළවළු වෙළෙඳසැල් වසා දැමේ…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.