සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් ජනවාරි මාසයට අදාළව සංශෝධනය කර තිබේ.
ඒ අනුව අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි
- ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් තිබේ. ලීටරයක පැවති මිල රුපියල් 277කි. සංශෝධිත නව මිල රුපියල් 279කි.
- ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ ගොස් තිබේ. ලීටරය පැවති මිල රුපියල් 335කි. නව මිල රුපියල් 340කි.
- ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ ගොස් තිබේ. ලීටරයක පැවති මිල රුපියල් 318කි. සංශෝධිත නව මිල රුපියල් 323කි.
- ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් තිබේ. ලීටරයක පැවති මිල රුපියල් 180කි. නව මිල රුපියල් 182කි.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතී. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 294කි







