බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිසුවාට අමානුෂික ලෙස පහර දුන් රන්මුදුවැව විදුහල්පති අත් අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරයි.

by editor
දෙසැම්බර් 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

සූරියවැව, රන්මුදුවැව කනිෂ්ඨ විද්‍යලයේ 16 හැවිරිදි සිසුවකුට අමානුෂික දඩුවමක් ලබාදූන් බවට චෝදනා එල්ල වූ සැකකාර විදූහල්පතිවරයා සූරියවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25.000ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා ඊ‍යේ (27)   නියෝග කරන ලදී.

මෙලෙස ඇප මත නිදහස් කෙරුනේ සූරියවැව, රන්මුදුවැව කනිටු විද්‍යාලයේ විදූහල්පති ලෙස කටයුතු කරන දිලිප් කුමාර ය. විදුහල්පතිවරයාගෙන් පහර කෑ සිසුවා රෝහල්ගතව දින 08ක් සිටිය දිත් සිසුවාගෙ මව කළ පැමිණිල්ලට අනුව ඔහුව අත් අඩංගුවට නොගැනීම සම්බන්ධව චෝදනා එල්ල විය.   සූරියවැව ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රීවරියකගේ ස්වාමිපුරුෂයා වීම නිසා දේශපාලන බලපෑමක් සිද්ධිය පසුපස ඇතැයි වින්දිත පාර්ශවය චෝදනා කළේය.
සැකකාර විදූහල්පතිවරයා විසින් පසුගිය 18 වන දින රන්මුදූවැව කනිටු විද්‍යාලයේ 11 ශ්‍රේනියේ ඉගණුම ලබන සිසුවකුට අමානුෂික පහර දී දඬුවම් කිරිම නිසා   සිසුවාට දින 08ක් හම්බන්තොට මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබාගෙන තිබිණි.
.සිද්ධිය සම්බන්දයෙන් සිසුවාගේ මව වන උදේනි පේක්ෂා යන අය විසින් සූරියවැව පොලීසියට පැමිණිල්ක්ද ගොනු කෙරුණු නමුත්  පැමිණිල්ලට පොලීසියෙන් සාධාරණ පරීක්ෂයක් සිදු නොවීම නිසා සිසුවාගේ මව  මේ  සම්බන්ධයෙන්  මාතර හම්බන්තොට බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාවද දැනුවත් කර තිබේ.
එහිදී ද දැනුම් දී ඇත්තේ විදුහල්පතිවරයෙකු හෝ ගුරුවරයෙකු විසින් සිසුවෙකුට පහර දීමක් කළහොත් අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් චක්‍රෙල්ඛයක් මගින් දැනුවත් කර ඇති බවත් බරපතල පහරදීමක්නම් පමණක් එසේ කළයුතු බවත් ය..
කෙසේ නමුත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පලවීමත් සමග  සැකකාර විදුහල්පතිවරයා සූරියවැව පොලීසිය විසින්  අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගැණුනි.
මෙම පහරදී සිදූව ඇත්තේ ඉකුත් 18 වන දා මෙම සිසුවා ඇතුළු තවත් සිසුන් කීප දෙනකු විසින් පන්ති කාමරයේ ඩෙස් එකකට තට්ටු කරමින් ගීත ගයමින් සිටිය දිය.  විදූහල්පති එම ස්ථානයට පැමිණ මෙම සිසුවාගේ කනට අතින් පහර දී අනෙක් සිසුන්ට ද වේවැලකින් පහර දී නැවතත් මෙම සිසුවා කාර්යාල කාමරය වෙත  ගොස් පහරදී ඇති බවට හෙළි වී තිබේ.
අනතුරුව මෙම පහරදීම හේතුවෙන් සිසුවාට ඇති වූ ආසධ්‍ය  තත්වය හේතුවෙන් මෙම සිසුවා තනමල්විල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා  එදිනම හම්බන්තොට මහ රෝහල වෙත  මාරුකර යවා ඇත.
සිසුවා රෝහලේ දින 08ක් නේවාසිකව ප්‍රථිකාර ලබා නිවසට පැමිණ තිබේ.
මෙම පහරදීම හේතුවෙන් සිසුවාගේ අක්ෂිවලට යම් බලපෑමක් සිදුව ඇති හෙයින් මෙම සිසුවා වෛද්‍යවරයා විසින් අක්ෂි සායනයක් සදහා යොමු කර ඇත.   පහර කෑම නිසා සිසුවා මානසික කම්පනයකට පත්ව  ඇති හෙයින් මනෝ වෛද්‍ය සායනයකටද  ඔහු යොමු කර තිබේ.
සැකකරුට එරෙහි නඩුව යලි 2026.02.20 වන දින කැදවීමට නියමිතය.

මේ ලිපියත් කියවන්න…

රෝහල්ගත වෙන්න දරුවාට පහර දුන් රම්මුදුවැව විදුහල්පතිට නීතිය ක්‍රියාත්මක නෑ… දේශපාලන බලපෑමක් නිසාදැයි සැකයි… මව මානව හිමිකම් යන්න සූදානම්!

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආපදා තත්ත්වයෙන් දිවයිනේ ආබාධ සහිත පුද්ගලයින් 2200ක් පීඩාවට පත් වෙලා…

Next Post

අල්ලස් ගනිද්දී අල්ලස් කොමිසමේ අත් අඩංගුවට පත් ගම්පහ ක්‍රයිම් OIC ගේ වැඩ තහනම්!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.