නාය යෑම්වලින් හානි වූ රෝහල් අටක් කඩිනමින් වෙනත් ස්ථානවල යළි පිහිටුවීමට පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ආපදාවලින් ව්‍යසනයට පත් සෞඛ්‍ය අංශය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට සහ නැවත ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කීවේය.
සෞඛ්‍ය අංශයට සිදු වූ මුළු හානිය රුපියල් මිලියන 21,742 ක් ලෙස ගණන් බලා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.







