ජාතික ජන බලවේගයට බලය හිමි නමුත් අයවැය පරාජයට පත්වන පළාත් පාලන ආයතන දෙස බැලූ විට පෙනී යන්නේ එම පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා පත් කරගන්නා මොහොතේ ඇති වූ තත්ත්වයේම ප්රකාශනයක් බවත් ඉන් රජයේ දේශපාලන බලයේ අඩු වැඩිවීමක් පිළිබඳ අදහසක් පහළ නොවන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
මේ වනවිට අය – වැය පරාජයට පත්වන පළාත් පාලන ආයතනවල බලය පිහිටවූ පාර්ශවයන්ට එම බලය පිහටවු අවස්ථාවේදීම තීරණාත්මක බහුතරයක් නොතිබුණු බව පෙන්වා දෙන රෝහණ හෙට්ටිආරච්චි මේ ඇති වී තිබෙන්නේ අලුත් තත්ත්වයක් නොව මැතිවරණ ප්රතිඵලයත් සමග ඇතිවුන තත්ත්වයේම නැවත ප්රකාශනයක් බව පෙන්වා දෙයි.
එබැවින් මේ තත්ත්වයන් සුවිශේෂී දේශපාලන පරාජයක් හෝ සුවිශේෂී දේශපාලන ජයග්රහණයක් ලෙස දැකිය නොහැකි බව රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දෙයි.
“ආණ්ඩුවට දේශපාලන වශයෙන් ජනතා ප්රසාදය අඩු වෙලා තියනව ද නැද්ද කියන කාරණාව මැතිවරණයක දී වෙනම විග්රහ කරගන්න පුලුවන්. ඒක දේශපාලනය පිළිබඳ විධිමත් විග්රහයකින් අවබෝධ කරගන්න පුලුවන්. හැබැයි අය – වැය පරාජය කිරීම හෝ අයවැය ජයග්රහණටය කිරීම මෙතෙක් මේ ජයග්රහණය කළ හෝ පරාජය වෙච්චි පළාත් පාලන ආයතන දිහා බැලුවොත් ඒවයේ ආරම්භයේම තිබුණ දේශපාලන තත්ත්වය තමයි මේ මොහොතේත් තියෙන්නේ. “
“සභිකයින් සියයට 50කට වඩා ආරම්භයේම තිබුණ දේශපාලන ආයතන එම සභා ජයග්රහණය කරලා තියනවා. බෙදීම තිබ්බ පළාත් පාලන ආයතනවල නැවත වරක් ඒ බෙදීම ආරම්භ වෙලා තියනවා.”
ඒ නිසා මැතිවරණ නිරික්ෂණ සංවිධානයක් ලෙස මේ තත්ත්වය සුවිශේෂී වෙනසක් විදිහට අපි දකින්නෙ නෑ. ඉදිරි වසරේදීත් මේ තත්ත්වය මේ විදිහටම දකින්න පුලුවන් වේවි. “
මේ තත්ත්වය තුළ දේශපාලන පක්ෂ ඉතාම වගකීමකින් යුතුව මහජනතාව වෙනුවෙන් හැසිරිය යුතු බවට පැෆරල් ආයතන යෝජනා කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ වසර ගණනාවක් කල් දැමීමෙන් පසු ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 10ක් වැය කර ගොඩනගා ගත් පළාත් පාලන ආයතන ජනතාව වෙනුවෙන් වගකීමකින් යුතුව පවත්වා ගැනීමේ වගකීම දේශපාල පක්ෂ වෙත ඇති බවය.
“ඔබ සියලු දෙනා එක්ව පළාත් පාලන ආයතන පවත්වා ගැනීමේ වගකීම තියනවා. මහජන මුදල් අපතේ යන ආකාරයට දේශපාලන අරමුණ පමණක් මුල් කරගෙන කටයුතු නොකරන ලෙස අප ඉල්ලා සිටිනවා.” පැෆරල් ආයතනයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.







