ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර දිසාපති තුමා පැය 48කට පස්සේ පැය 02ක් නිදාගෙන වැඩ කළේ… නිලධාරිණියන් දරුවො ආරක්ෂිත මධ්‍යස්ථානවල තියලා දින 3 -4 වැඩ කළා… රාජ්‍ය නිලධාරීන්ගේ අසීමිත කැපකිරීම නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි!

by editor
දෙසැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ව්‍යසන අවස්ථාවේ දී රාජ්‍ය නිලධාරින් කළ අසීමිත කැප කිරීම් අත් දැකීමෙන් දුටු බවත් සිය දරු පවුල්වලට සිදුවන්නේ කුමක් දැයි නොසොයා දින ගණන් රාජකාරි ස්ථානයේ සේවය කළ රාජ්‍ය නිලධාරිනියන් සහ නිලධාරීන්   දින තුන හතර නිදි නැතිව සියලුම ආයතන සමග එක්ව  කළ කැපකිරීමේ ප්‍රමාණය නොවන්නට මේ ව්‍යසනය මේ තරම් ඉක්මනින් කළමනාකරණය කරගත නොහැකිවනු ඇති බවත්    ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේය.

“ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ගැන තිබ්බෙ කළු රූපයක්. ඒත් ඒ රාජ්‍ය යාන්ත්‍රණය අපි එක්ක වැඩ කළ ආකාරය ගැන අත්දැකීම් පුද්ගලිකවම ලැබුවා. මහනුවර දිසාපති තුමා පැය 48කට පස්සේ පැය 02ක් නිදා ගත්තේ . අතිරේක දිසාපතිවරුත් එහෙමයි. කාන්තා පිරිමි කියලා වෙනසක් තිබ්බෙ නෑ. දන්නේ නෑ දරු පවුලක් තිබ්බා ද කියලා. මනුස්යෙක් ඉන්නව ද කියලා දන්නේ නෑ.  පැය 24 පුරාම දින තුන හතර එක තැන රැඳී සිටිමින්  තමන්ගෙ රාජකාරියට එහා ගිය භාරදූර වගකීමක් ඉටු කළා.” ඇමතිවරයා පැවසුවේය.

අද පාර්ලිමේන්තුවේ දී කතා කරමින් ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

මේ අර්බුදය නිවැරදි දේශපාලන නායකත්වය දුන්නා. අපේ මන්ත්‍රිවරුන්ගේ ගෙවල් යට වුනා. දරු පවුල් ඉන්නව ද නැද්ද දන්නේ නෑ. ඒවා ගැන හෙව්වේ නෑ. දිවා රෑ නැතිව මේ වැඩේ හා එක්ව හිටියා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත් එහෙමයි. අපට නොපෙනෙන සංවිධායක සහෝදරවරු ඉන්නවා. දරු පවුල් කඳවුරුවල. ඔවුන් රජයට භාර දීලා තවමත් කැපවෙන අය මේ අර ඉන්නවා. ඒ වගේ දේශපාලන ව්‍යාපාරයක් නිසා තමයි මේ වැඩේ මේ විදිහට ගොඩදැම්මේ. අපේ දේශපාලන පුයර බබාලා නෑ. අපට දරා ගැනීමේ හැකියාව හොඳට හුරුයි. මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය නායකත්වය ලැබුණෙ ඒ දරා ගැනීමේ ශක්තිය නිසා.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

අපි වරක් දේශපාලනයෙන් අතු ගා දාන්න හදපු ව්‍යාපාරයක්. හැබැයි අපි නැගිට්ටා. අනන්ත ප්‍රතික්ෂේප කිරීම් තිබ්බා. මතවාදී පිලිකුල් කිරීම් තිබ්බා. හැබැයි ඒක අතරෙත් අරමුණක් තියාගෙන ජයග්‍රහණය සඳහා ඒකායන බලාපොරොත්තුවක් සහිතව කැපවීමෙන් මෙහෙයවපු ව්‍යාපාරයක් අපි.

ලොවෙත් දිනන්න බෑ කියද්දිත් ලොවෙත් නැතිවෙන්න දිනපු ව්‍යාපාරයක් අපි. ඒ හැකියාව ඒ මෝටිවේෂන් එක අප තුළ තිබෙනවා.  අප තුළ තිබෙන ඒ විශ්වාසය උඩ තමයි රාජ්‍ය යාන්ත්‍රණයත් අපි එක්ක එක් වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි කවදාවත් නැති විදිහට රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රීය වෙලා තිබෙන්නේ. විදෙස් ආධාර ගලාගෙන එන්නෙ ඒ නිසා. ලංකාවේ ඉන්න පුරවැසියන් ආධාර දෙන්නේ එ් නිසා.

ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ගැන තිබ්බෙ කළු රූපයක්. ඒත් ඒ රාජ්‍ය යාන්ත්‍රණය අපි එක්ක වැඩ කළ ආකාරය ගැන අත්දැකීම් පුද්ගලිකවම ලැබුවා. මහනුවර දිසාපති තුමා පැය 48කට පස්සේ පැය 02ක් නිදා ගත්තේ . අතිරේක දිසාපතිවරුත් එහෙමයි. කාන්තා පිරිමි කියලා වෙනසක් තිබ්බෙ නෑ. දන්නේ නෑ දරු පවුලක් තිබ්බා ද කියලා. මනුස්යෙක් ඉන්නව ද කියලා දන්නේ නෑ.  පැය 24 පුරාම දින තුන හතර එක තැන රැඳී සිටිමින්  තමන්ගෙ රාජකාරියට එහා ගිය භාරදූර වගකීමක් ඉටු කළා.

ඒ වගේම තමයි ප්‍රාදේශීය ලේකම්වරු. ඒ වගේම තමයි බිම ඉන්න ග්‍රාමසේවක නිලධාරීවරු. සංවර්ධන නිලධාරීවරු. අති බහුතරයක් තමන්ගේ රාජකාරි වපසරියේ සීමාවෙන් එහාට ගිහිල්ලා මේ ආපදා තත්ත්වයේ දී තමන්ගේ වගකීම ඉටු කළා. ඒ යාන්ත්‍රණය ගැන දැන් මේ දේශපාලන අධිකාරිය කෙරෙහි විශ්වාසය තබලා තියනවා. දැන් අවුරුද්දක් ඒ ගොල්ල එක ගනුදෙනු කළා. ඕන තරම් හැලහැප්පීම් තියෙන්න ඇති.  ආගියුමන්ට් ඕන තරම් තියෙන්න ඇති. හැබැයි ඔවුන් අපව කියව ගත්තා කියන විශ්වාසය අප තුළ තිබෙනවා. එදා අපි ප්‍රතික්ෂේප කළ ජනතාවත් අපව කියවාගෙන තිබෙනවා.

ස්වේච්ඡාවෙන් මේ අවස්ථාවට එක් වුන බහුතර ජනතාවක් ඉන්නවා. පාරවල් හදන්න කෝච්චි පාරවල් හදන්න… පැය 24න් දවස් 10න් කෝච්චිපාරවල් හදන්න බෑ අපට. අපි ඒක හැදුවේ ඒ කැපවීමත් එක්ක. ඒ මිනිස්සුත් එක්ක. ඒ රාජ්‍ය යාන්ත්‍රණයත් එක්ක. ඒ ඒකාබද්ධ වෙච්චි යාන්ත්‍රණය තුළ   මේ රට   අපට ගෙඩදාන්න පුලුවන් කියන දැඩි විශ්වාසය තිබෙනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වික්ටෝරියා, රන්දෙණිගල හා රංටැඹේ ජලාශ වාන් දැමීමට පටන් ගනී…

Next Post

කොලොන්නාවේ නිවාස 30000ක් ගංවතුරට යට වුනා… නිවාස පවිත්‍ර කරගන්න දෙන 25000 ඊයෙ වෙනකොටත් ලැබිලා තිබුණේ 9000කට විතරයි…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.