නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ –
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වීමට තිරණය කර ඇතැයි වාර්තා වේ.
එම ඉල්ලා අස්වීම පිළිබඳ තීන්දුව ගැනීම සඳහා පක්ෂයේ ජාතික සභාව කැදවන ලෙස එම පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට ජීවන් තොණ්ඩමන් දුරකථනය ඔස්සේ කථා කර දැනුම් දී ඇත.
ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය දරන ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය යෝජනාව පරාජය වීමේන් අනතුරුව ලංකා කම්කරුකොංග්‍රසයේ වත්මන් සභාපති සෙන්දිල් තොන්ඩමන් සහ පක්ෂයේ ලේකම් ජීවන් තොන්ඩමන් අතර දුරකථනය ඔස්සේ බහින් බස් වීමක් සිදු වී ඇති බවත්, ඉන් අනතුරව ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති ධූර දරන තලවකැලේ ලිදුල, නුවරඑලිය මහ නගර සභාව, හඟුරන්කෙත, වලපනේ, කොත්මලේ යන පළාත් පාලන ආයතනවල ලංකා කම්කරු කොංග්‍රසයේ නාගරික මන්ත්‍රීවරුන්ට රජයට ලබා දෙන සහයෝගවලින් ඉවත් වන ලෙසට ලිපි ලබා දෙන ලෙසද ජීවන් තොන්ඩමන් ඉල්ලීමක් කර ඇති බවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේ.
ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කැඳවන ලෙස එම පක්ෂයේ මහ ලේකම්වරයා දුරකථනයෙන් දැනුම් දිම් කලද එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළහොත් පමණක් ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව කඳවන බවට ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු කියා සිටියේය.







