රජය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් නිවාස අඩස්සියට පත් කර ඇති බවත් ඔවුන් නිදහසේ සම්මුඛ සාකච්ඡාවක් හෝ ලබා දීමට රජය ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
අද ( 18) පාර්ලිමේන්තුව අමතමින් සජිත් ප්‍රේමදාස මෙසේ ද කීවේය.
“11 වැනිදා ඉඳළා 26 වැනිදා දක්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අපේ රටේ වගේම විදේශීය, ඒ වගේම නොයෙක් අවස්ථාවලදී නිර්මාණයවන සුළි කුණාටුව පිළිබඳව, ඒ අවපීඩන තත්ත්වය පිළිබඳව අවපාත තත්ත්වය පිළිබඳව බොහොම පැහැදිලි කිරීමක් කරන්න ඕන.
අපි අහන්න ඕන ප්‍රශ්නය තමයි මෙහෙම අවදානමක් පිළිබඳව කතා කරද්දි ඇයි අපේ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය සක්‍රීය වුනේ නැත්තේ. ඇයි ක්‍රියාත්මක වුනේ නැත්තේ. ඒක බරපතල ප්‍රශ්නයක්.
අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට තමන්ට ඕන ආකාරයට ඉන්ටර්විව් එකක් දී ගන්න බෑ. ඔවුන් නිවාස අඩස්සියට නැතිනම් කාර්යාලයට සීමා කරලා තියනවා. කාගෙන්වත් අහන්නෙ නැතිව ඉන්ටර්විව් එකක් දෙන්න බෑ.
මේ තොරතුරු කරුණු කාරණා හංගන්න හොඳ නෑ. වැරදුනා නම් වැරදියි කියන්න ඕන. හරි ගියා නම් හරි කියන්න ඕන. වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන. මේ ප්‍රශ්නයට උත්තර හොයන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කටවල් වහලා හරියන්නේ නෑ. මේ ප්‍රශ්නය ගැන සත්‍ය අවබෝධ කරන්න.” සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා පැවසුවේය.







