බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘතයක් වූ ඩී.එස්. ද සිල්වා දිවි සැරියෙන් සමු ගනී…

by editor
දෙසැම්බර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • කවදාවත් බිඳිය නොහැකි ටෙස්ට් ක්‍රිකට් වාර්තා තැබූ අසිරිමත් ක්‍රීඩකයෙකුගේ කතාවක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘතයක් වූ ඩී.එස්. ද සිල්වා අභාවප්‍රාපත් වී ඇති බව සංවේගයෙන් දන්වා සිටිමු. මිය යන විට හේ 83වැනි වියෙහි පසුවූයේය. මරණය සිදුවන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරදී ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අතීත ගමන සම්බන්ධව අදහසක් ඇති ඕනෑම ක්‍රීඩාලෝලියෙක් ශ්‍රී ලංකාව පූර්ණ ටෙස්ට් සාමාජික රටක් බවට නම් කිරීම දක්වා පැමිණි දුෂ්කර ගමන ගැන දන්නේය. ඒ වෙනුවෙන් අප්‍රමාණ කැප කිරීම් කළ ක්‍රීඩකයෝ වූහ. මයිකල් තිසේරලා, අනුර තෙන්නකෝන්ලා, බන්දුල වර්ණපුරලා, සිදත් වෙත්තමුණිලා මහත්වරුන් ලෙස දරාගෙන පැමිණි අතීත ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි තරු ලකුණක් ලෙස ඩී.එස්. ද සිල්වා සිටියේය. ඒ ලංකාවේ හොදම පා දඟ පන්දු යවන්නෙක් ලෙසය.

1982 පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළ කණ්ඩායමේ සාමාජිකයෙකි. ඩී.එස්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර සාමාජිකයෙක් වූයේය.  ලොව පුරා ක්‍රිකට් කවයන් තු ගෞරවයට පාත්‍ර වූ ඔහු ලින්කන්ෂයර් සහ ෂ්රොප්ෂයර් වෙනුවෙන්   ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කර අත්දැකීම් ලබාගෙන තිබිණි. ඔහුගේ ෆ්ලයිට්  පන්දු ඒ වකවානුවේදී පිතිකරුවන් අසරණ කළේය.

ඩී.එස් යනු  70 දශකය පුරාම ස්ථාවර කඩුලු ලබා ගත් ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේදී ඔහු 54ට 3ක් ලබා ගත්තේය.  ඔහුගේ පළමු ටෙස්ට් කඩුල්ල වූයේ  එංගලන්ත නායක  ඩේවිඩ් ගෝවර්ගේ කඩුල්ලය.  එම කඩුල්ල වෙනුවෙන් එදා කඩුළු රැකි, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වර්ණවත්ම කඩුළු රකින්නා ලෙස ඉතිහාසගතවන මහේෂ් ගුණතිලක උඩ පන්දුවක් රැක ගත්තේය.

ඊළඟ පාකිස්තාන සංචාරයේදී ඩී.එස්.  කැපී පෙනුණි. ඔහු  ෆයිසලාබාද්හිදී පැවති තරගයේ දී  ලකුණු 59ට 5ක් ලබා ගත්තේය. එය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයෙකු විසින් ලබා ගත් පළමු කඩුලු පහය. තවත් විශේෂ වාර්තාවක් තවමත් නොබිඳී පවතී. ඩී.එස්. මෙම වික්‍රමය කරන විට ඔහුට වයස අවුරුදු 40කි. ටෙස්ට් කඩුළු 05ක් තරගයක දී ලබා ගත් වියපත්ම ශ්‍රී ලාංකිකයා ඔහුය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

වර්ෂ 1982-83 නවසීලන්ත සංචාරයේ මුල් භාගයේදී එවකට ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් තුවාල ලැබුවේය. එම අවස්ථාවේ දී නායකත්වයේ වගකීම පැවරුණේ ඩී.එස්. වෙතය.  නායකත්වය දරමින් පන්දු යවන්නෙක් ලෙස පමණක් නොව පිත්තෙන් ද ඔහු සිය වගකීම ඉටු කළේය. ඔහු එහිදී අර්ධ ශතක දෙකක් ලබා ගත්තේය. එම තරග දෙක ක්‍රීඩා කරනවිට ඩී.එස්. ගේ වයස අවුරුදු 40කි. ශ්‍රී ලංකාවේ වියපත්ම ටෙස්ට් නායකයා ඔහුය.

ඔහු ක්‍රීඩාව තුළ ඔහුගේ ප්‍රමුඛතාවය පවත්වා ගෙන ගිය ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ඩී.එස් පිවිසියේය.   පසුව 2007 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රටේ යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශවල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔහුව ක්‍රිකට් උපදේශක ලෙස පත් කරන ලදී. 2009 දී ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක සභාපති ලෙස ද ඩී.එස්. පත් කළේය.

1942 අවුරුද්දේ ජූනි 11 වැනිදා ගාල්ලේදි උපත ලද ඩී .එස්. ද සිල්වා ගාල්ල මහින්ද විද්‍යාලයේ සහ මොරටවු ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.  ඔහු  ගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පුද්ගලයෙකුගේ දත් 04ක් කැඩූ පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වජන බල මන්ත්‍රී ලක්ෂයක ශරීර ඇප මත නිදහස්…

Next Post

අය – වැය පැරදුනේ විපක්ෂ කණ්ඩායම්වල නායකයින් ගේ දැඩි බලපෑම් හේතුවෙන් මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂිය අනුව කටයුතු කරන්න බැරි වුන නිසා… ගාල්ල මහ නගරසභාවේ නගරාධිපති කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.