ලලිත් චාමින්ද –
ගාල්ල මහ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අය වැයට විරුද්ධ වූයේ සිය හෘද සාක්ෂියට එකඟව නොව විපක්ෂයේ දේශපාලන කණ්ඩායම්වල ඉහල නායකයින් විසින් සිදු කරනු ලැබූ දැඩි බලපෑම් නිසා බැව් ගාල්ල මහ නගරසභාවේ නගරාධිපති සුනිල් ගමගේ (ජාතික ජන බලවේගය) පවසයි.
ගාල්ල මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්වීම පිළිබඳ අප කළ විමසුමකදී හෙතෙම මේ බව සඳහන් කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරු අයවැයට විරුද්ධ වූයේ අයවැය ලේඛනය පිළිබඳ ප්‍රතිපත්තිමය හෝ වෙනත් ගැටලුවක් නිසා නොවන බවත් එම පක්ෂවල නායකයින්ගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එල්ල කරනු ලැබූ දැඩි පීඩනය සහ පුද්ගලික අමනාපකම් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට හේතුවක් කරගෙන ඇති බවත් නගරාධිපතිවරයා කීවේය.
පළාත් පාලන පනත ප්‍රකාරව දින 14 ක් ඇතුළත නැවත වතාවක් සංශෝධිත අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද නගරාධිපතිවරයා කීවේය. .
ගාල්ල නගරයේ සංවර්ධන කටයුතු කිරීමට මෙය බාධාවක් කර නොගන්නා බවත් නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.







