බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරයෙන් නෙරපූ  හතුරුසිංහ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම් අධිකරණයේ යළිත් නඩු දමයි…   

by editor
දෙසැම්බර් 14, 2025
in පුවත්
chandika-Hathurusinghe
Share on FacebookShare on Twitter

2019 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ( පිරිමි)    කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තම කොන්ත්‍රාත්තුව අවසන් කිරීම සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ස්විට්සර්ලන්තයේ පිහිටි ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ (CAS) අලුතින් නඩුවක්  ගොනු කර තිබේ.

සමස්ථයක් ලෙස කණ්ඩායම බිඳ වැටීම, විනය සම්බන්ධව මතු වූ ගැටලු ඇතුළු හතුරුසිංහගේ  දැඩි කළමනාකරණ නොහැකියාව මත ඇති වුන ගැඹුරු බිඳවැටීම   හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුව තනතුරින් ඉවත් කළ විට ආරම්භ වූ දිගුකාලීන ආරවුල මේ සමග යළිත් ඇවිලී ඇත.

තමන් අදාල වගකීමෙන් ඉවත් කළ පසු  හතුරුසිංහ ඔහුගේ කොන්ත්‍රාත්තුවේ බේරුම්කරණ වගන්තිය ක්‍රියාත්මක කර ස්විට්සර්ලන්තයේ පිහිටි ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ  නඩුවක්  ගොනු කළේය.

එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමි වීම සහ  කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින්  ඇමරිකානු ඩොලර් මිලියන 5 ක වන්දියක් ඉල්ලා සිටියේය. සැලකිය යුතු නඩු විභාගය ආරම්භ වීමට පෙර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  ඊට එරෙහිව මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.

හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර රැකියා ගිවිසුම අත්සන් කර ඇති තිබිණි.  එම ගිවිසුමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ශවයෙන් අත්සන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට්  ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ද හතුරුසිංහ විසින් සිය නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙසද නම් කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අධිකරණයේ දී තීන්දු වූයේ මෙම නඩුවේ දී ක්‍රිකට් පාලක මණ්ඩලය පාර්ශව කරුවෙක් ලෙස නම් කිරීමට චන්දික හතුරුසිංහට නොහැකි නමුත් ඔහු සේවයෙන් පහ කරන අවස්ථාවේ විධායක කමිටුවේ සේවය කළ පුද්ගලයින් නම් කිරීමෙන් හතුරුසිංහට සිය නඩු කටයුත්ත ඉදිරියට ගෙන යාමට නිදහස ඇති බවය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පරිහානිය නැවැත්වීම සඳහා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වෙළඳපොළ අනුපාතවලට වඩා බෙහෙවින් වැඩි පැකේජයකට චන්දික හතුරුසිංහ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරයට පත් කරගත්තේය.   හතුරුසිංහ පැමිණියේ  මාස 36 ක කොන්ත්‍රාත් කාලයක් වෙනුවෙණි. ඔහු සමග ගිවිසුම්ගත වන්නේ  ඇමරිකානු ඩොලර් 20,000 ක මාසික වැටුපක්, ඇමරිකානු ඩොලර් 10,000 ක ජීවන වියදම් දීමනාවක් සහ ෙමාසික ආදායම ඇමරිකානු ඩොලර් 40,000 ඉක්මවා යන අමතර ප්‍රතිලාභ කිහිපයක් ඇතුළත් පැකේජයකටය.

එහෙත් ඔහු පුහුණුකාර ධූරයට පත් වීමෙන් පසු  ශ්‍රී ලංකාව ඔහුගේ අධීක්ෂණය යටතේ පැවති ජාත්‍යන්තර තරඟ 67 න් 38 ක් පරාජයට පත් විය. පිටියෙන් පිටතදී, විනය ගැටළු මතු විය. විනිසුරු ලලිත් ජයසූරිය යටතේ දියත් කළ ඒක පුද්ගල පරීක්ෂණයකින් ඔහු චෝදනා හයකට වරදකරු බව තීරණය විය.   අන්තර්ජාතික තරගයක් වෙනුවෙන් කණ්ඩායම මානසිකව හා ශාරීරිකව සූදානම් කිරීමට අපොහොසත් වීම, අසමගිය ඇති කිරීම, කණ්ඩායම් හැඟීම අඩපණ කිරීම සහ ජාතික පුහුණුකරුවෙකුට නොගැලපෙන හැසිරීමට ඔහු කොමිසම ඉදිරියේ වැරදිකරු වූයේය.

අනතුරුව මාස හයක වැටුපක් ලබා දීමෙන් ඔහු ඉවත් කිරීමට   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උත්සාහ කළේය. හතුරුසිංහ යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ කොන්ත්‍රාත්තුවේ සම්පූර්ණ කොන්දේසිවලට ගරු කළ යුතු බව ඔහු අවධාරනය කළේය.

එවකට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මේ තත්ත්වය තුළ තීන්දු කළේ හතුරුසිංහගේ  ඔහුගේ ධුර කාලය අවසන් කළ යුතු බවය. ඒ අනුව  අන්‍යෝන්‍ය අවබෝධයක් සහිතව ධූරයෙන් ඉවත්වීමට එකඟ වීම වෙනුවට  වඩා සවිස්තරාත්මක චෝදනා පත්‍රයක් මත ඔහුව සේවයෙන් පහ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

ප්‍රශ්නගත කාලය තුළ සේවය කළ විධායක කමිටුවේ සෑම සාමාජිකයෙකුම වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමෙන් ඔහු දැන්   ස්විට්සර්ලන්තයේ පිහිටි ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ   ඔහුගේ නඩුව නැවත ආරම්භ කර ඇත.

ඒ නඩුව හරහා ඔහු මාස ​​12 ක වැටුපකට සමාන සම්පූර්ණ කොන්ත්‍රාත් ගෙවීමක් ඉල්ලා සිටී. ඔහුව ඉවත් කිරීමට තීරණය කළ අවස්ථාවේ ධුරයේ සිටි සියලුම විධායක කමිටු සාමාජිකයින්ට මේ වනවිට නොතීසි නිකුත් කර ඇත. ( සන්ඩේ ටයිම්ස් ) 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පසුගිය ආපදා අවස්ථාවේ දී  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වගකීම් පැහැර හැරිය හැටි ආපදා නිලධාරීහු හෙළි කරති!

Next Post

නැවත පදිංචි කිරීම් යටතේ නිවාස ලද ප්‍රතිලාභීන් 1179ක් මුදල් අරන් නිවාස ඉදිකිරීම් අත්හැර දමලා…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.