ශ්‍රියානි විජේසිංහ
- නම් කරන ලද පාසල් හැර සෙසු සියලු පාසල්වල සිසුන් සඳහා, පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනි දා
- තෙවන වාර විභාගය නොපැවැත්වේ – 11 ශ්‍රේණියට පමණක් විභාග පෙරහුරුවක්
- අ.පො.ස. උසස් පෙළ විභාගයේ නොපැවැත් වූ ඉතිරි විෂයන් ආරම්භය ලබන වසරේ ජනවාරි 12 දා
- ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් 15 වැනිදා
දිවයින පුරා පිහිටි පාසල් 10076න් 9929ක් දෙසැම්බර් 16 වන දින නැවත විවෘත කරන බවත් ඉතිරි පාසල් 147 ඉදිරියේදී විවෘත කිරිමට අවශ්‍ය පසුබිම සකස් කරන බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.
දෙසැම්බර් 16 වන දින විවෘත වන පාසල් නැවත 22 වන දින නත්තල් නිවාඩුවෙන් පසුව් දෙසැම්බර් 29,30, සහ 31 යන දිනයන් හී පාසල් පවත්වා 31 වන දින 2025 තෙවනවාරය අවසන්වෙන බවද ලේකම්වරයා පැවසුවේය.
2026 ජනවාරි 5වන දින නැවත සියලුම පාසල් පළමු වාරය ආරම්බ කරන අතර ජනවාරි 12 වන දින නැවත අපොස උසස්පෙළ විභාගයේ ඉතිරි කෙටස පැවැත්වෙන බැවින් පාසල් ජනවාරි 20 වන දින දක්වා නොපැවැත්විමට තීරණය කළ බව නාලක කලුවැව මහතා පැවසිය.
මේ අනුව දෙසැම්බර් 20 වන දින උසස්පෙළ විභාගය අවසන් වන බැවින් 21 වන දින සිට පෙබරවාරි 13 වන දින දක්වා නැවත පාසල් පැවැත්වෙනු ඇත.
2025 වසරේ අපොස සාපෙළ විභාගය පැවත්වීම සඳහා නැවත් සියලුම පාසල් පෙබරවාරි 14 වන දින සිට මාර්තු 2වන දින දක්වා නිවාඩු ලබා දීමට සිදුවනු ඇතැයිද සඳහන් වේ.
නැවත මාර්තු 3වන දින ආරම්බ වන පාසල් වාරය අප්‍රේල් 10 වනදිනෙන් පළමු වාරය අවසන්වේ.
6 වන වසරේ සිට 10 වන වසර දක්වා වාර විභාග නොපවැත්වීමටත් සියලුම දරුවන් ඉහළ ශ්‍රේණිවලට උසස් කිරිමටත් නිකුත් කල ඇති චක්‍රලේඛය මගින් අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.
වසර 2026 විභාය සඳහා 11 වසර සිසුන්ට පමණක් විභාග පෙරහුරුවක් පාසල් මට්ටමින් පැවැත්විය හැකි බවද ලේකම්වරයා පවසා සිටියි.
සුභසාදන මධ්‍යස්ථානවල සිටින දරුවන් ට තමන් පදිංචි ආසන්න පාසලට ගොස් සිය අධ්‍යපන කටයුතු නැවත ආරම්බ කළ හැකි බවත් පාසල් නිල ඇදුම අනිවාර්යය නොමැති බව්ත් පෙන්වා දෙන ලෙක්ම්වරයා මෙ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් අදාල බවද පවසාසිටියි.
දුර බැහැර ප්‍රදේශව සිට පැමිණෙන දරුවන්ට පාසල තුල නේවාසික පහසුකම් ඇතැනම් එය දෙන්නැයිද අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ.
ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා පාසල් දෙසැම්බර් 15 වැනිදා ආරම්බ වන අතර එදිනට පාසල වෙත පැමිණ දරුවන්ට අධ්‍යාපනය අවශ්‍ය පසුබිම සකස් කර දෙන මෙන් ද අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කල විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.







