ශ්‍රියානි විජේසිංහ
ආපාදවන්ට ලක්ව ඇති ප්‍රදේශයන්ගේ රෝහල් තුල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පිසූ ආහාර සැපයීම මේ වන විට බරපතල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
බොහෝ රෝහල් ජලයෙන් යටවීම හා රෝහල්වෙත පැමිණෙන මාර්ගයන් මතට පස්කඳු කඩා වැටීම හේතුවෙන් මෙම අවදානම් තත්තවය මතුවඇති බව ලංකාසර කළ විමසුම්වලදී රෝහල් ප්‍රකාශකයින් පැවසීය.
ඇතැම් රෝහල් වල දුරකථන සම්බන්දතාවන් බිදවැටීම හේතුවෙන් කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි විම ද මෙම තත්තවය තවදුරටත් බරතල වීමට හේතුවක් වී ඇති බව ඔවුහු ප්‍රකාශක කළහ.
ආපදාවන්ට ලක්ව ඇති රෝහල් වෙත පිසු ආහාර ලබා දීමේ යම් ක්ෂණික වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් ඔවුන්ගේ රෝග තතත්වයන් සුව කිරීමට පෙර රෝගීන්ගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජිවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු අති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කයි.







