ගල් පෙරළීමේ දැඩි අවදානමක් හේතුවෙන් ගම්පොළ – නුවරඑළිය ප්රධාන මාර්ගය අද (26) පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමීමට කොත්මලේ පොලිසිය කටයුතු කර තිබේ.
පවතින අධික වර්ෂාපතනයත් සමඟ කොත්මලේ, ගැරඩි ඇල්ල ප්රදේශයේ තේ වත්තක විශාල ගල් කිහිපයක් ගැලවී අවදානම් සහගත ලෙස රැඳී පවතින බව වාර්තා වේ. මෙම ගල් කුට්ටි ඕනෑම මොහොතක ප්රධාන මාර්ගයට ඇද වැටීමේ අවදානමක් පවතින බැවින්, මගී ආරක්ෂාව වෙනුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය නවතා දැමීමට තීරණය කර ඇත.
මේ හේතුවෙන් මාර්ගය යළි විවෘත කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙස කොත්මලේ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.







