දිනසේන රතුගමගේ
මන්නාරමේ මාන්තෙයි ඉලුප්පකඩවෙයි මුහුදු තීරයට 16 දා විශාල ඩොල්ෆින් රංචුවක් පැමිණ තිබේ.
එම ඩොල්ෆින් රංචුවේ මසුන් 1000 කට අධික ප්‍රමාණයක් සිට ඇති අතර පැය පහකට වඩා වැඩි කාලයක් එම මසුන් මුහුදු තීරයේ රැදී සිට ඇත.
මේ ආරංචිය ලද වහාම අවට පළාත් වල වැසියන් ඩොල්ෆින් මසුන් නැරඹීමට ගොස් ඔවුන්ව අතපත ගාමින් විශාල සතුටක් ලබා තිබේ.
මන්නාරම මුහුදු තීරයට ඩොල්ෆින් මසුන් පැමිණීම ඉතා කලාතුරකින් සිදුවන අතර වසර 9 කට පමණ පසුව මෙම මසුන් මන්නාරම මුහුදට පැමිණී බව මන්නාරමේ ධීවරයෝ පැවසූහ.







